27 C
Colombo
Friday, September 30, 2022

සිරිල් ගාමිණී පියතුමන්ව අත්අඩංගුවට ගන්නේ නැහැ – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

- Advertisement -

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිරිල් ගාමිණී පියතුමා විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (08) කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත්තේ මෙම අවස්ථාවේ සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නොමැති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට එම දැනුම් දීම සිදුකර තිබෙනවා.

අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පවසා ඇත්තේ විමර්ශන කටයුතු නිමා වීමෙන් පසුව නීතිපති උපදෙස් මත මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවයි.

මෙහිදී සිරිල් ගාමිණී පියතුමා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණයට දන්වා සිටියේ, දැනුම් දෙන සුදුසු වෙලාවක විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශක් ලබාදීමට තම සේවාදායකයා සූදානම් බවයි.

මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියේ ප්‍රමාණවත් කාලයක් ලබා දී පෙත්සම්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබාගන්නා ලෙසයි.


RECENT ARTICLES - SINHALA

සාෆි සහාබ්දීන් සිදුවීම ගෝඨාභය බලයට එන්න ගහපු තුරුම්පුවක් – තරිදු ජයවර්ධන

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කිරීම වෙනුවෙන් තුරුම්පුවක් ලෙස දොස්තර සාෆි සහබ්දීන් මහතාගේ වඳ සැත්කම් සිදුවීම යොදාගත් බවට තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති...

මම ගුටිකාපු එක සාමාන්‍ය දෙයක්, ගණන් ගන්න එපා..! – චාමර සම්පත්

0
පසුගියදා රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක බදුල්ලේදී ප්‍රහාරයකට ලක්විය. සීසීටීවී දර්ශනවල ඇතුළත්ව තිබුණේ පුද්ගලයෙකු රාජ්‍ය අමාත්‍යවරයාට හෙල්මටයකින් පහර දෙන ආකාරයයි.

සුබ්‍රමනියන් ස්වාමි සමඟ රාජපක්ෂවරු නවරාත්‍රිය සමරයි..! (PHOTOS)

0
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) රාත්‍රියේ නවරාත්‍රි විශේෂ පුජාවක් ඔහුගේ නිල නිවසේ දී පවත්වා තිබෙනවා. මෙම විශේෂ...

RECENT ARTICLES - ENGLISH

Tom Moody and Sri Lanka Cricket to part ways

0
Former Sri Lankan Head Coach Tom Moody, who joined Sri Lanka Cricket once again last year as the director of cricket for...

Temples to switch off lights on Poya Day to protest tariff hike?

0
A proposal has been presented to the Central Province Maha Sangha Sabha to turn off the lights within all temples across the...

Horrific details about captivity of 7 Sri Lankans by Russian soldiers revealed

0
A Ukrainian journalist and the Kharkiv region’s police have disclosed appalling details about the torture the seven Sri Lankans endured while they...