23 C
Colombo
Friday, February 14, 2025

පුතුගේ මාරාන්තික ප්‍රහාරයෙන් පියා මරුට

- Advertisement -

පුත්‍රයෙකුගේ පහරදීමෙන් පියෙක් ඝාතනය වීමේ අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වී තිබෙනවා.

ඊයේ (01) අලුයම් කායේදී එම සිදුවීම වාර්තා වී තිබුණේ උඩප්පුව පොලිස් වසමේ පෙරියකොළණිය ප්‍රදේශයෙන්.

එලෙස මියගොස් ඇත්තේ, ආඩිමුනේ, උඩප්පුව  ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙක්.

පෙරියකොළණිය ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකු අසනීපයක් තත්ත්වයක් හේතුවෙන් උඩප්පුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවට උඩප්පුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබුණා.

මෘත ශරීරය පරික්ෂා කළ අධිකරණ වෛද්‍යවරයා මෙය සැකකටයුතු මරණයක් බැවින් මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍ය බවට දැනුම් දී තිබෙනවා.  

ඒ අනුව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී, මෙම මරණය මනුෂ්‍ය ඝාතනයක් බවත්, මරණකරුගේ පුතා විසින් මරණකරු නිදා සිටියදී පපු ප්‍රදේශයට පිහියකින් ඇන ඇති බව විමර්ශනයේදී ආනාවරණය වී ඇති බව පොලීසිය පැවසුවා.

මරණකරුගේ පුතා මන්ද මානසික තැනැත්තෙකු බවත්, ඔහුට ප්‍රතිකාර ලබාගැනීමට පියා එදින යාමට නොපැමිණිම හේතුවෙන් අමනාප වී මෙලෙස පිහියෙන් ඇන ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනව.  

මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අපරාධය සිදුකළ සැකකරු වන වයස අවුරුදු 20 ක් වන මන්ද මානසික පුතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

සිද්ධිය සම්බන්ධයෙන් උඩප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES