33 C
Colombo
Friday, March 29, 2024

ඇෆ්ගනිස්ථානයේ අධිවේගී මාර්ගවල සන්නද්ධ මංකොල්ලකෑම් ඉහළට

- Advertisement -

ඇෆ්ගනිස්ථානයේ ට්‍රක් රථ රියදුරන් අධිවේගී මාර්ගවල සන්නද්ධ මංකොල්ලකෑම් වැඩි වීම ගැන කනස්සල්ල පළ කර තිබේ.

තුවක්කු පෙන්වා කොල්ලකරුවන් ඔවුන්ගේ මුදල් සහ වටිනා දේ අහිමි කර ඇති බව පජ්වොක් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත. .

අපරාධ ඉහළ ගියද, ආරක්ෂක නිලධාරීන් සොරකම්වලට ගොදුරු වූ රියදුරන් කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත් අධිවේගී මාර්ගවල ආරක්ෂාව සහතික කිරීමට පියවර ගෙන ඇති බව සදහන් කරන බවත් එරට වාර්තා පවසයි.

ගාර්ඩෙස්-පටාන් අධිවේගී මාර්ගයේ ට්‍රක් රථ රියදුරෙකු වන මොහොමඩ් ඛාන් පැවසූයේ මහාමාර්ගවල සොරුන් විසින් තමාව කිහිප වතාවක්ම නතර කර ඇති බවයි.

ඔහු ඇතුළු රියැදුරන් කිහිප වතාවක්ම මංකොල්ලකරුවන් විසින් කොල්ලකා ඇති බවත් ඔවුන් මුදල්, ජංගම දුරකථන සහ වෙනත් දේවල් ගන්නා බවත් ඔවුන්ව නැවැත්වීමට කිසිදු ආරක්ෂක අංශයක් නොමැති බවත් ඔහු පවසා ඇත.

මේ අතර පසුගිය වසරේ අගෝස්තු මාසයේදී තලේබාන් සංවිධානය බලය අල්ලා ගැනීමෙන් පසු රට තුළ මංකොල්ලකෑම් වැඩි වී තිබෙන බව එරට මාධ්‍ය වාර්තාවල දැක්වේ.

RECENT ARTICLES - SINHALA

ජනපති සටනට මමත් එනවා – පාඨලී

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමා සූදානම් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී...

ඥානසාර හිමිට ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ බව රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා. කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන්...

මුහුදුබඩ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් ගැන දැනුම් දීමක්

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ අද(29) හෙට සහ අනිද්දා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය විමේ ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී එන්.ජේ. ඉදිපොළගේ කියා සිටියේ බම්බලපිටිය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...