31 C
Colombo
Wednesday, May 21, 2025

උඩරට මැණිකේට අසූචි ප්‍රහාරයක් : විදෙස් යුවලක් පීඩාවට

- Advertisement -

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා (28) දින ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම අසූචි ප්‍රහාරය සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු විසින් දිඹුල පතන පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.

කොටගල සහ තලවකැලේ දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි ඩෙරික් ක්ලෙයාර් දුම්රිය ස්ථානය අසලදී එකවරම පොලිතින් උරයක බහාලූ යමක් දුම්රිය මාර්ගයේ ගමන් කළ පිරිසක් විසින් දුම්රිය මැදිරිය තුළට විසි කර ඇති බව එම නිලධාරිය පවසා තිබෙනවා.

එම අවස්ථාවේ  මැදිරිය තුළ සිටි විදේශීය යුවලකට එසේ විසි කළ පොලිතින් උරවල දමා තිබු අසුචී වැදි ඇති බවත්, පසුව දුම්රිය තලවකැලේ දුම්රිය ස්ථානය වෙත ළඟා වීමෙන් පසු එම විදේශීය යුවල අසුචි තැවරුණු ඇදුම් මාරු කර ඇති බවත් එම පැමිණිල්ලේ සඳහන්.

අනතුරුව තලවකැලේ දුම්රිය ස්ථානයේ සේවකයෙකු විසින් අසුචි විසිරි තිබු දුම්රිය මැදිරිය සෝදා පවිත්‍ර කිරිමෙන් අනතුරුව දුම්රිය බදුල්ල දක්වා ධාවනය කළ බව නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියා විසින් පොලිසිය වෙත පවසා තිබෙනවා.

පසුව, එම දුම්රිය මැදිරියේ ගමන් ගත් මඟියෙකු විසින් නානුඔය දුම්රිය ස්ථානය වෙත කරන ලද දැනුම් දීමක් මත දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් දිඹුල පතන පොලිසියට මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ලෙසට පොලීසිය පැමිණිලි කර තිබුණා.

උඩරට දුම්රියන් වල පාපුරුවේ සහ මැදිරි වල ගමන් ගන්නා විදේශිකයන් ඇතුළු මගීන්ගේ ජංගම දුරකථන ඩැහැ ගැනිමේ ජාවාරමක්ද පසුගිය කාලය තුළ උඩරට දුම්රිය මාර්ගයේ ක්‍රියාත්මක වුණා.

(හැටන් – රංජිත් රාජපක්ෂ )                  

RECENT ARTICLES - SINHALA

කොළඹ ඇල මාර්ග සහ කාණු පද්ධති පිරිසිදු කරන්න ජනපතිගෙන් උපදෙස්

කොළඹ දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගය වැළඳීමේ ප්‍රවණතාව වැඩිවීමක් දක්නට ලැබෙන බැවින්, ඇළ මාර්ග සහ කාණු පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීමට...

ගුවන්තොටුපළ ගොඩනැගිල්ලක් නිසා කෝටි ගාණක් වතුරේ

5.44%ක් පමණ වූ තත්‍ය ප්‍රගතියට මගී පර්යන්ත ගොඩනැගිල්ල හා ආශ්‍රිත ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සඳහා ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම විසින් තායිසේ සමාගම වෙත රුපියල් බිලියන...

ආණ්ඩුව විගණකාධිපති පිටින් ගේන්න හදනවා-හර්ෂ

මේ වන තෙක් විගණකාධිපති තනතුර සඳහා පත් කිරීමක් සිදුකර නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියා....

POPULAR ARTICLES