31.7 C
Colombo
Friday, June 20, 2025

ගොවි පොහොර සහනාධාරය අදියර 2කින්

- Advertisement -

වැඩි කළ පොහොර සහනාධාරය අදියර 2කින් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම් එම්.පී එම් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, වැඩි කළ පොහොර සහනාධාරය මහ මැතිවරණය අවසන් වන තෙක් අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසම කළ දැනුම් දීම හේතුවෙන් එම පියවර ගත් බවයි.

ඒ අනුව මෙතෙක් ගෙවන ලද රුපියල් 15000 ක පොහොර සහනාධාරය ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත කඩිනමින් මුදා හැරෙනු ඇති.

ලේකම්වරයා සඳහන් කළේ එමගින් මහ කන්නයේ මඩ පොහොර අවශ්‍යතාව සඳහා ඔවුන්ට මුදල් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි .

ජනාධිපතිවරයා විසින් වැඩි කළ රුපියල් 10,000 මුදල මැතිවරණය අවසන් වූ පසු ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත මුදා හැරෙනු ඇති.

ඒ අනුව ගැටලුවකින් තොරව මහ කන්නයේ වගාව ආරම්භ කරන ගොවීන්ට පොහොර සහනාධාර මුදල භාවිත කිරීමට හැකියාව ලැබෙන බව අමාත්‍යාංශ ලේකම් එම්.පී එම් වික්‍රමසිංහ මහතා පවසා සිටියා.

හෙක්ටයාර් එකකට ලබාදෙන පොහොර සහනාධාරය රුපියල් 15,000 සිට රුපියල් 25,000 දක්වා වැඩිකිරිමට ජනාධිතිවරයා පසුගියදා පියවර ගත්තා.

RECENT ARTICLES - SINHALA

පොහොට්ටුවත් එක්ක ගාල්ලේ බලය මාලිමාවට

ගාල්ල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබෙනවා. ගාල්ල මහ නගර සභාවේ මංගල රැස්වීම පළාත් පාලන මහකොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවැත්වුණා. ගාල්ල මහ නගර...

සිරකරු සමාවට තුන්කට්ටුවක් මැති සබේ පැටලිලා

ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේදී ජනාධිපතිවරයාගේ ලේඛනයට අදාළ නොමැති සිරකරුවෙකු නිදහස් කිරීමේ පිළිබඳ නැවත පාර්ලිමේන්තුවේදී ඊයේ (19) උණුසුම් සංවාදයක් ඇති වුණා. ඒ අමාත්‍ය ආනන්ද...

 හල්ලොලුවට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාට ඇප හිමිව තිබෙනවා. හල්ලොලුව මහතා අද (20) පෙරවරුවේ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය...

POPULAR ARTICLES

සිරකරු සමාවට තුන්කට්ටුවක් මැති සබේ පැටලිලා

ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේදී ජනාධිපතිවරයාගේ ලේඛනයට අදාළ නොමැති සිරකරුවෙකු නිදහස් කිරීමේ පිළිබඳ නැවත පාර්ලිමේන්තුවේදී ඊයේ (19) උණුසුම් සංවාදයක් ඇති වුණා. ඒ අමාත්‍ය ආනන්ද...

ලුණු සහ විෂ බැක්ටීරියා පමණක් ඇතුළත් ද්‍රාවණයකට රජයෙන් ලක්ෂ 1444ක් වැය කරලා – නීතිපති

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ගනුදෙනුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇතුළු සැකකරුවන් 11 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ අවසන් වාර්තාව...