30 C
Colombo
Tuesday, April 29, 2025

අවුරුදු අනතුරුවල අඩුවක්

- Advertisement -

පසුගිය උත්සව සමයේදී සිදුවූ විවිධ හදිසි අනතුරු හේතුවෙන් පුද්ගලයින් 412ක් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇතැයි කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා පවසනවා.

වෛද්‍යවරයා පැවසුවේ 13 සහ 14 යන දෙදින තුළ මෙම රෝගීන් ඇතුළත් කර ඇති බවත් ඉන් පුද්ගලයින් 6 දෙනෙකු රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීම ජීවිතක්ෂයට පත්ව සිටි බවයි.

මෙම හදිසි අනතුරු වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ගෘහාශිත අනතුරු බව පෙන්වා දුන් වෛද්‍යවරයා ඒ සම්බන්ධව රෝගීන් 110 දෙනෙකු රෝහලට ඇතුළත් කර ඇති බවත් පැවසුවා.

එමෙන්ම මාර්ග අනතුරු හේතුවෙන් 94 දෙනෙකු ද රෝහල් ගත කර ඇති බවත් වෛද්‍යවරයා සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා කියා සිටියේ,

“මේ රෝගීන් 412 අතුරින් රෝගීන් 80ක් පමණ විවිධ ශල්‍යකර්මවලට භාජනය කරන්න සිදුවුණා. මේ අවුරුද්දේ අපි දකින හොඳ දෙයක් තමයි ගිනිකෙලි නිසා ඇතුල්වෙච්ච රෝගීන් අවම වෙලා තියෙන එක. ඇත්තටම මේ දවස් දෙකටම ඇතුළත් වුණේ රෝගීන් දෙදෙනෙක් පමණයි. ඒ දෙදෙනාගෙත් තත්ත්වය බරපතල නෑ. මේක වඩා හොඳ තත්ත්වයක් මේකෙන් පේනවා සැලකිලිමත් වෙනවානම් උපරිම වශයෙන් හදිසි අනතුරු අඩු කරගැනීමට පුළුවන්කම තියෙනවා කියන එක.”

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවක සංඛ්‍යාව ඉහළට

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ මුළු සේවකයින් සංඛ්‍යාව 1,150,000 ඉක්මවා ගොස් තිබෙනවා. ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසරේ සිදුකළ සංගණනයේ මුලික වාර්තාවට අනුව...

මෛත්‍රී ශ්‍රේෂ්ඨාධිකරණයට

මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයක් සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර නිකුත් කළ නියෝගයකට අනුව...

මරණ තර්ජන තියෙනවා නම් රටින් යන්න – මහින්ද

තමන්ට මරණ තර්ජන ඇත්නම් පරිස්සම් වීමට තමන් දැනගත යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඊයේ (29) මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ...

POPULAR ARTICLES