33 C
Colombo
Friday, April 19, 2024

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට FIFA තහනමක්

- Advertisement -

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය තාවකාලිකව අහෝසි කර තිබෙනවා.

එම තහනම මේ මස 21 වනදා සිට නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනු ඇති.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මෙම තහනම පිළිබඳ ලිපියක් මඟින් දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු මහ ලේකම් උපාලි හේවගේ මහතා වෙතයි.

පසුගිය ජනවාරි මස 14 වනදා පැවැත්වූ නිලවරණයකින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට නව නිලධාරී මණ්ඩලයක් පත් කෙරුණද ද ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය එම නව නිලධාරි මණ්ඩලය පිළිනොගන්නා බැවින් හිටපු මහ ලේකම්වරයාගේ නමට තහනම් කිරීමේ ලිපිය යොමුකර තිබෙනවා.

මෙම තහනම පැනවීමට හේතු ලෙස දක්වා ඇත්තේ නිලවරණයේදී තුන්වන පාර්ශවයක් ලෙස ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීම, ක්‍රීඩා අමාත්‍යංශය විසින් පොරොන්දු වූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන ව්‍යවස්ථාව සංශෝධනය නොකිරීම සහ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සමඟ මීට පෙර එකඟ වූ මාර්ග සිතියමට අනුව ක්‍රියා නොකිරීම යන කරුණුයි.

ඒ අනුව මෙම තහනම සමඟ ශ්‍රී ලංකාව නියෝජනය කරන කිසිඳු ක්‍රීඩකයෙක්ට, පුහුණුකරුවෙක්ට හෝ නිලධාරියෙක්ට මෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ජාත්‍යන්තර තරඟ හෝ වෙනත් කිසිඳු තරඟාවලියකට සහභාගී වීමට නොහැකි වනු ඇති.

RECENT ARTICLES - SINHALA

රැග් එක නවත්තන්න ‘මෛත්‍රී’ මාසයක්

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කීරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. උසස්...

කන්ටේනර් අනතුරෙන් හතරක් රෝහලට

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද (19) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලවෙල හන්දිය...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පත්කරලා තියෙන්නේ නිදිකුම්බා නායකයෙක්-දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීමට කුමන්ත්‍රණකාරින් කටයුතු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...