29 C
Colombo
Wednesday, July 17, 2024

ආයතන පහළොස්දාහක් EPF එකට පොලු තියලා

- Advertisement -

සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම පැහැරහැර ඇති ආයතනවලට එරෙහිව මේ වන විට නඩු 15,000ක් පමණ ක්‍රියාත්මක වන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.

එසේම 2021 දෙසැම්බර් 31 වන විට නඩු 5,000කට ආසන්න ප්‍රමාණයක් අක්‍රිය තත්ත්වයේ පැවතීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු වී තිබුණා.

එහිදි කම්කරු අමාත්‍යාංශ නිලධාරීන් කාරක සභාව හමුවේ ප්‍රකාශ කර තිබුණේ අදාළ ආයතන එම ලිපිනයන්හි මේ වන විට නැති වීම හෝ අධ්‍යක්ෂ මණ්ඩල විදේශගත වීම වැනි හේතු සාධක මේ සඳහා බලපා ඇති බවයි.

මේ අනුව සියලු දිස්ත්‍රික්වල අර්ථසාධක අරමුදල් ගෙවීම් පැහැරහැර ඇති සේවා යෝජකයන් පිළිබඳ තොරතුරු සහ අදාළ සියලු විස්තර සහිත වාර්තාවක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා නියෝග කර තිබෙනවා.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස් වූ අතර, එහිදී මේ කරුණු අනාවරණය වු බවට වාර්තා වනවා.

අර්ථසාධක අරමුදල් ගැනීමේදී අයදුම්කරුගේ තොරතුරුවල අඩුපාඩු සහිත වීමෙන් අයදුම්පත්‍ භාර දීම සඳහා අධික කාලයක් ගත වීම පිළිබඳවද අවධානය යොමු වි තිබෙන අතර අයදුම්පත්‍ භාර දීමට පැමිණීමට පෙර මහජනතාවට ඒ බව පරීක්ෂා කර බැලීම සඳහා ක්‍රමවේදයක් නැති වීම විශාල අඩුවක් බව කාරක සභාව පෙන්වා දී තිබුණා.

2019 වසරේ කම්කරු පනතට සිදු කළ සංශෝධනයට අනුව සියලු කර්මාන්තශාලා කම්කරු කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු වුවද එය තවමත් නිසි ලෙස සිදු නොවීම පිළිබඳවද අවධානය යොමුවි තිබෙනවා.

කම්කරුවන් ඇතුළු කර්මාන්තශාලා සේවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම ලියාපදිංචිය සිදු කළ යුතු වුවද එය නිසි ලෙස සිදු නොවන බව කාරක සභාවේදී සාකච්ඡා වු බවට වාර්තා වනවා.

පැවති කොවිඩ් තත්ත්වය, ආර්ථික අර්බුදය වැනි හේතු නිසා පමා වූ කටයුතු කඩිනම් කරන බව නිලධාරීන් පවසා තිබෙනවා.

දැනට පවතින කර්මාන්තශාලා 32,000කට ආසන්න ප්‍රමාණයෙන් දැනට ලියාපදිංචි වී ඇත්තේ 4,000කට ආසන්න ප්‍රමාණයක් පමණක් බැවින් ඒ කටයුතු කඩිනම් කරන ලෙසද උපදෙස් දුන් බව සඳහන්.

කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ දත්ත සපයාගැනීමට ප්‍රමාණවත් නොවේ නම් ඒ සඳහා වෙනත් නිලධාරීන් හෝ යොදවා වැඩපිළිවෙළක් සකස් කොට මාසයක් ඇතුළත ඒ පිළිබඳ වාර්තා කරන ලෙසත් දැනුම් දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ප්‍රතික්‍රීයක හිඟයෙන් වෛද්‍ය පරීක්ෂණ රැසක් නැවතිලා

වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් ප්‍රතික්‍රීයක සහ අවශ්‍ය රසායන ද්‍රව්‍ය ලබා නොදීම හේතුවෙන් රෝගීන්ට අත්‍යවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ රැසක් දීර්ඝ කාලීනව නවතා දමා ඇති බව සෞඛ්‍ය...

උෂාන් Vlogs ආයෙත් හප්පගෙන

ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන උෂාන් වීදියගොඩට හොත් Ushan Vlogs ට අයත් ඩිෆෙන්ඩර් රථය මහියංගනය - මහනුවර මාර්ගයේ මොරගහමුල ප්‍රදේශයේදී මෝටර් රථයක ගැටී අනතුරක්...

පොහොර මිල ලොකු ගාණකින් අඩු වෙයි

රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන පොහොර වර්ග 5ක මිල ගණන් අද (17) සිට අඩු කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පොහොර සමාගම දැනුම්දී තිබෙනවා. එම...

POPULAR ARTICLES

මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නෙවෙයි – සනත් නිශාන්තගේ බිරිඳ(වීඩියෝ)

රටේ තිබු යුද්ධය නැති කළ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවන බව සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ප්‍රියංකා මහත්මිය පවසනවා. ඇය මේබව කියා සිටියේ...

සඳුදා යළිත් පාසැල් වැසෙන ලකුණු

සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව, ඔවුන් සඳහන් කළේ ලබන සඳුදා (22)...

සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව සෞන්දර්ය විෂයයන් සාමාන්‍ය අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක් බවයි. කණිෂ්ඨ, ද්විතීයික අධ්‍යාපනයේ...