26 C
Colombo
Thursday, October 10, 2024

උතුරේ අවසන් තීරණය

- Advertisement -

ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි අවසන් තීරණය ගෙන තිබෙනවා.

අද (16) උදෑසන වව්නියාවේ දී එම පක්ෂයේ දේශපාලන නියෝජිතයින් අතර පැවති විශේෂ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පක්ෂයේ නායක, මාවෙයි සේනාධිරාජා මහතා පවසා සිටියේ, පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණය අනුව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට සිය පක්ෂය තීරණය කළ බවයි.

අදාළ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පවසා සිටියේ, තමා එම මතයට කිසිසේත් එකඟ නොවන බවයි.

සිංහල ජනාධිපති අපේක්ෂකයින් කිසිවෙකුත් දෙමළ ජනතාවගේ අභිලාෂ ඉටුකිරීමට ඉදිරිපත් නොවන පසුබිමක දෙමළ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වූ දෙමළ පොදු අපේක්ෂකයා වන පාකියසෙල්වම් අරියනේත්‍රන් මහතාට සියලුදෙනාගේ සහාය ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියා.


RECENT ARTICLES - SINHALA

අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස එම්.ආර්.වයි.කේ.උඩවෙල පත් කර තිබෙනවා. හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු ඩබ්.කේ.ඩී.විජේරත්න පසුගිය 07 වැනිදා සිය...

සුගීෂ්වර බණ්ඩාර ගෑස් ටැංකියෙන් කොළඹට

සුගීෂ්වර බණ්ඩාර මහතා ඊයේ (09) නව ජනතා පෙරමුණේ නායකයා වශයෙන් කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් නාමයෝජනා අත්සන් තැබුවා. ලාංකේය තාරුණ්‍යය බලාපොරොත්තු වූ තවමත් යථාර්තයක් කර ගැනීමට අපොහොසත්...

අනුරගේ ෆොටෝ දාන්න කලින් අපිට කියන්න

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළකිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබාගන්නා ලෙස සියලු...

POPULAR ARTICLES

අනුර අතඇරලා ගිය කමල්

ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා මෙවර මහමැතිවරණයට දෙවන පරපුර පක්ෂය යටතේ තරග කිරීමට නියමිතයි. දෙවන පරපුර පක්ෂය අද (09) තලවතුගොඩ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ...

ශානි අබේසේකරට නව රජයෙන් වගකීමක්

0
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ශානී අබේසේකර මහතාට වගකීමක් භාර දීමට නව රජය තීරණය කර තිබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය, විජිත හේරත් මහතා...

හරිනිගෙයි විජිතගෙයි මූණු දාලා මුද්දර ගහලා

150 වන ලෝක තැපැල් දින සැමරුම් උත්සවය අද (09) අරලියගහ මන්දිරයේ දී පැවැත් වුණා. මේ සඳහා අගමැතිනි හරිනි අමරසූරිය මෙන්ම අමාත්‍ය විජිත හේරත් මහතාද එක්ව...