27 C
Colombo
Saturday, March 22, 2025

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අවසන් තරගය අද

- Advertisement -

ඕමානයේ පැවැත්වෙන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ අවසන් මහ තරගය ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායම අතර අද (27) පැවැත්වීමට නියමිතයි.

තරගය අද මෙරට වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වනවා.

මෙවර නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ‘A’කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා ‘A’කණ්ඩායම තරග 3න් තරග 2ක් ජය ගනිමින් අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබුවා.

අවසන් පුර්ව තරගයේ දී ශ්‍රී ලංකා ‘A’කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ පාකිස්තාන ‘A’කණ්ඩායමයි.

එහිදී පාකිස්තාන ‘A’කණ්ඩායම කඩුලු 7කින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

මෙවර තරගාවලියේ ‘B’කාණ්ඩයෙන් තරග වැදුණු ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායම මූලික වටයේ තමන් සහභාගි වූ තරග දෙකම ජය ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

ඔවුන් අවසන් පුර්ව තරගයේදී ප්‍රබල ඉන්දිය ‘A’කණ්ඩායම ලකුණු 20කින් පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, පොලිස්පතිවරයා මේ වනවිට පල්ලෙකැලේ, දුම්බර බන්ධනාගාරයේ...

ගණේමුල්ල සංජීව ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සහාය වූ බවට සැකපිට ඊයේ (21) තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,  කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්...

දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදු...

POPULAR ARTICLES

හීත්‍රෝ ගුවන් ගමන් යළි අරඹයි

තාවකාලිකව අත්හිටුවා තිබූ එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපොළේ ගුවන්ගමන් නැවත ආරම්භ කර තිබෙනවා. එම ගුවන්තොටුපොළට විදුලිය සපයන විදුලි උපපොළක ඇති වූ විශාල ගින්නක් හේතුවෙන් ඊයේ (21) දවස...