27 C
Colombo
Friday, April 19, 2024

ජනතාවට ලැබෙන අයවැය සහන ගැන මුදල් ඇමති බැසිල් කලින්ම කියයි (වීඩියෝ)

- Advertisement -

මෙවර අයවැයෙන් ජනතාවට ලැබෙන සහන පිළිබදව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ “ජනතාවට ලැබෙන්න නෙවෙයි ජනතාවගෙන් ගන්නයි යන්නෙ” ලෙසයි.

ඒ අනුව මෙවර අයවැයේදී ජනතාවට වැඩි බදු බරක් පැටවෙන බව මුදල් අමාත්‍යවරයා වක්‍රාකාරයෙන් මෙහිදී අදහස් පලකර තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ මල්වානේ ඇති සුඛෝපභෝගී නිවසට අදාළව ඇති නඩුවට පෙනී සිටීම සඳහා ඊයේ (01) ගම්පහ මහාධිකරණය ඉදිරියේ පෙනී සිටීමට පැමිණි අවස්ථාවේදීයි.

නඩුවේ සාක්ෂිකරුවෙකු වන මුදිත උපාලි ජයකොඩි මහතා ඊයේ (01) අධිකරණය හමුවේ පැවසුවේ බැසිල් රාජපක්ෂ මහතා දුන් මුදල්වලින් කොන්ත්‍රාත්කරුවෙකු යොදා මල්වානේ සුපිරි නිවස ඉදිකළ බවයි.

තමන්ට ලැබුණු එම මුදල් කොන්ත්‍රාත්කරුට භාර දුන් බවද විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා නැගූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මුදිත උපාලි ජයකොඩි මහතා අධිකරණයට පැවසුවා.

කොන්ත්‍රාත්කරුට මුදල් ලබා දීමේදී ඊට අදාළ රිසිට්පත්ද ලබා ගත් බවද ඒවා තමාට අයත් සමාගමේ රිසිට්පත් බවට පිළිගන්නා බව ද සාක්ෂිකරු අධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් සදහන් කළා.

දොම්පේ මල්වාන ප්‍රදේශයේ අක්කර 16 ක ඉඩමක් මිලට ගෙන එහි නිවසක් හා නාන තටාකයක් ඉදි කර රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ නීතිපතිවරයා බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන මහත්වරුන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (18)...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...