27 C
Colombo
Sunday, April 2, 2023

රාජපක්ෂවරයෙකුගේ මූල්‍ය රහස් එළියට

- Advertisement -

රාජපක්ෂ පවුලේ ඥාතිවරියක් වන හිටපු ඇමතිනී නිරූපමා දීපිකා රාජපක්ෂ මහත්මියගේ නමද පැන්ඩෝරා පත්‍රිකා අතරින් හමුවනවා.

ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් සමග එක්ව ඇය ව්‍යාජ සමාගමක් (shell company) පවත්වාගෙන ගිය බවත් ඒ හරහා ලන්ඩන් සහ සිඩ්නි නගරවල නිවාස මිලට ගැනීම සහ වෙනත් ආයෝජනවල යෙදීම සිදුවූ බවත් පැන්ඩෝරා පත්‍රිකා වල සඳහන් වනවා.

මොනවද මේ පැන්ඩෝරා පත්‍රිකා?

බිලියනපතියන් 100 කට වැඩි ගණනක, ලෝක නායකයින් 30 දෙනෙකු සහ රාජ්‍ය නිලධාරීන් 300කගේ රහස් අක්වෙරළ ගනුදෙනු සහ මිලියන ගණනක සැඟවුනු වත්කම් පිළිබඳව, ඉතිහාසයේ කාන්දු වූ විශාලතම ලිපි ලේඛන ප්‍රමාණය ලෙස පැන්ඩෝරා පත්‍රිකා සැලකේ.

විවිධාකාරයෙන් ධනය රැස් කරගත් පුද්ගලයින් විසින් බදු ගෙවීම මග හැරීම සඳහා හෝ සිය වත්කම් සැඟවීම උදෙසා පැනමා, ඩුබායි, මොනාකෝ, ස්විට්සර්ලන්තය සහ කේමන් දූපත් වැනි ‍රාජ්‍යයන්හි ව්‍යාජ සමාගම් (shell company) භාවිතා කිරීම උදෙසා භාරදුන් සමාගම් වලට අදාල ලිපි ගොනු මිලියන 11.9 ක් මීට අයත් බව පැවසේ.

වත්මන් සහ හිටපු ජනාධිපතිවරුන්, අගමැතිවරුන් සහ රාජ්ය නායකයින් ඇතුළුව ලෝක නායකයින් 35 දෙනෙකුගේ රහසිගත අක්වෙරළ කටයුතු මේ හරහා හෙළිවී ඇත. එමෙන්ම, රටවල් 90 කට වැඩි ගණනක රජයේ ඇමතිවරුන්, විනිසුරුවන්, නගරාධිපතිවරුන් සහ හමුදා ජෙනරාල්වරුන් වැනි 300 කට වැඩි වෙනත් රාජ්‍ය නිලධාරීන්ගේ රහස්‍ය මූල්‍ය කටයුතු ද මේ හරහා හෙළිවී ඇත.

වොෂිංටනයේ ‘ජාත්‍යන්තර විමර්ශන මාධ්‍යවේදීන්ගේ එකමුතුව’ (ICIJ) විසින් මෙම දත්ත මුදාහැරීම සිදුකර ඇත.

හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර්, ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජු, යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි, කෙන්යාවේ සහ ඉක්වදෝරයේ ජනාධිපතිවරුන්, චෙක් ජනරජයේ අග්‍රාමාත්‍යවරයා යන අයගේ නම්ද මීට ඈඳී ඇත.

නිරූපමා ‍රාජපක්ෂ පිළිබඳ පැන්ඩෝරා පත්‍රිකා සටහන

උපුටා ගැනීම;

“නිරූපමා රාජපක්ෂ යනු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඥාති සොහොයුරියකි. ඇය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන අතර 2010 සිට 2015 දක්වා ජල සම්පාදන හා ජලාපවහන නියෝජ්‍ය ඇමතිනිය ලෙසද කටයුතු කළාය.

ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් ව්‍යාපාර උපදේශකයෙකු සහ හෝටල් ව්‍යවසායකයෙකු ලෙස සේවය කර ඇති බව ඔහුගේ සමාගම් වෙබ් අඩවියේ සඳහන් වේ. ජනාධිපතිගේ පවුලේ තවත් සාමාජිකයෙකු වන බැසිල් රාජපක්ෂ සමඟ එක්වී 2016 වසරේදී, සුවිසල් නිවසක් ඉදිකිරීම උදෙසා මහජන මුදල් අයථා ලෙස භාවිතා කළ බවට තිරුකුමාර් නඩේෂන්ට චෝදනා එල්ල විය. නඩුව විභාග වෙමින් පවතී; නඩේසන් සහ ශ්‍රී ලංකාවේ වර්තමාන මුදල් ඇමති බැසිල් රාජපක්ෂ අදාල චෝදනා ප්‍රතික්ෂේප කරති.

නිරූපමා රාජපක්ෂ සහ නඩේසන් එක්ව ලන්ඩනයේ සහ සිඩ්නි හි සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගැනීමට සහ මුදල් ආයෝඡනය කිරීමට ව්‍යාජ සමාගමක් යොදාගත් බව කාන්දු වූ ලිපි ගොනු වලට අනුව හෙළිවේ. නඩේසන් වෙනත් ව්‍යාජ සමාගම් පිහිටුවා, ලංකා රජය සමඟ ව්‍යාපාර කරන විදේශීය සමාගම් වලින් උපදේශක කොන්ත්‍රාත් ලබා ගැනීමට සහ කලා කෘති මිලදී ගැනීමට ඒවා භාවිතා කළේය.

එවැනි එක් සමාගමක් වන Pacific Commodities විසින් 2018 දී, සිතුවම් 31 ක් සහ අනෙකුත් දකුණු ආසියානු කලා කෘතින් ප්‍රමාණයක් වත්කම් බදු හෝ බදු වලට යටත් නොවන අතිශය ආරක්‍ෂිත ගබඩාවක් වන ජිනීවා ෆ්‍රීපෝට් වෙත රැගෙන ගොස් ඇත.

2011 වන විට ඔහුගේ සමස්ත ධනය ඩොලර් මිලියන 160 කට වඩා වැඩි බව නඩේෂන්ගේ දීර්ඝ කාලීන උපදේශකයෙකු වන සිංගප්පූරුව පදනම් කරගත් අක්වෙරළ සේවා සපයන්නෙකු වන Asiaciti Trust වෙත යැවූ රහස්‍ය ඊමේල් පණිවිඩයක් හරහා දැනගත් නමුත් ICIJ ට ස්වාධීනව එම අගය තහවුරු කර ගැනීමට නොහැකි විය.

Asiaciti Trust කළමනාකරණය කළ නඩේෂන්ගේ සමහර අක්වෙරළ සමාගම් වල වටිනාකම ඩොලර් මිලියන 18 ක් පමණ වන බව ICIJ විශ්ලේෂණයකට අනුව හෙළිවී ඇත. ඔහුගේ බිරිඳගේ දේශපාලන සබඳතා හේතුවෙන් Asiaciti Trust සමාගම නඩේෂන්ව ‘දේශපාලන වශයෙන් සම්බන්ධ පුද්ගලයෙකු’ ලෙස ලැයිස්තු ගත කළේය. 2016 දී නඩේසන්ව මූල්‍ය වංචා චෝදනාවට ලක් වුවද එම සමාගම අදාල පවුල සිය සේවාදායකයින් ලෙස තබා ගන්න ලදි.”

උපුටා ගැනීම අවසන්

කවුද මේ නිරූපමා?

නිරූපමා රාජපක්ෂ යනු හම්බන්තොටින් බිහිවූ පළමු ඇමැතිවරයා වන ජෝර්ජ් රාජපක්ෂගේ දියණියයි.

ජෝර්ජ් රාජපක්ෂගේ පියා වන්නේ රාජපක්ෂ පවුලට කුරහන් සාටකය හඳුන්වා දුන් ඩී. ඇම්. රාජපක්ෂ ( දොන් මැතිව් රාජපක්ෂ) ගේ දෙවන පුත්‍රයායි.

වත්මන් ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍යවරයාගේ පියා වන දොන් ඇල්වින් රාජපක්ෂ හෙවත් ඩී. ඒ. රාජපක්ෂ යනු ඩී. ඇම්. රාජපක්ෂ ගේ සහෝදරයායි.

1982 දී පැවැති අතුරු මැතිවරණයේදී මුල්කිරිගල ආසනයට තරඟ කිරීම සඳහා බණ්ඩාරනායක මැතිනිය තෝරාගන්නේ ඩී.එම්.රාජපක්ෂගේ මිනිපිරිය හා ජෝර්ජ් රාජපක්ෂගේ දියණිය වු නිරූපමා රාජපක්ෂ ය.

රාජපක්ෂ පවුලේ දෙවන පරම්පරාව නියෝජනය කරමින් මුල්කිරිගල ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වුණු නිරූපමා රාජපක්ෂ 2010 වසරේදී ජල සම්පාදන සහ ජලාපවාහන නියෝජ්‍ය අමාත්‍ය ධූරය භාර ගනියි.

https://www.icij.org/investigations/pandora-papers/power-players/?player=nirupama-rajapaksa


RECENT ARTICLES - SINHALA

මීළඟ ජනපතිවරණ අපේක්ෂකයා ලෙස පොහොට්ටුවේ බහුතරය රනිල් තෝරා ගනී

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට මේ වන...

රජයේ රෝහල්වල මීට පස්සේ කළු කොඩි බෑ – සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත්ම තීරණය මෙන්න

රජයේ රෝහල්වල සහ වෛද්‍ය ආයතනවල කළු කොඩි ප්‍රදර්ශනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහනම් කර තිබෙනවා. චක්‍රලේඛයක් නිකුත් කරමින් එම...

මොන්ටිසෝරියටත් ප්‍රජනන සෞඛ්‍යය

පෙර පාසල් අවධියේ සිටම ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් ඉගැන්වීම් දරුවන්ට ලබාදීමට විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා. ළමයින් සඳහා වන පාර්ලිමේන්තු...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...