27.5 C
Colombo
Wednesday, October 4, 2023

“ජා.නි.පෙ ඔත්තුකරුවන් දෙදෙනා ගැන හොයන්න” – ඇමැති වීරවංශ

- Advertisement -

තම පක්ෂයේ සිටින බව කියන විදෙස් බුද්ධි අංශවලින් වැටුප් ගන්නා වෛද්‍යවරුන් දෙදෙනා ගැන විමර්ශනය කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා අද(9) පැවැසීය.

ඇමැති වීරවංශ මහතා මේ බව පැවැසුවේ ආණ්ඩුවේම ඇතැමුන් බුද්ධි අංශවලින් වැටුප් ගන්නා පිරිස් ජාතික නිදහස් පෙරමුණේ ඇති බවට නැගූ චෝදනාව ගැන මාධ්‍යවේදීන් කළ ප්‍රශ්නකිරීමට පිළිතුරු දෙමිනි.

එවැනි විමර්ශනයක් සඳහා පොලිස්පතිවරයාට උපදෙස් දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ යැයි කී ඇමැතිවරයා එම චෝදනා බොරු අවලාද යැයි ද කීවේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්ව තනතුරක් ජනාධිපතිවරයාට ලැබිය යුතුය යන්නෙන් අදහස් කරන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා එහි නායකත්වයෙන් ඉවත් කිරීම නොවන්නේ යැයි ද ඇමැතිවරයා කීවේය.

ආණ්ඩු පක්ෂයේ නවක මන්ත්‍රීවරුන්ගේ චෝදනා පොඩි දරුවන් බඩු පොඩි කිරීමකට සමාන කළ හෙතෙම වෙනත් පක්ෂයක් ගැන කතා නොකරන්නැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොතැනකවත් සඳහන් වී නැතැයි ද වැඩිදුරටත් සඳහන් කළේය.

RECENT ARTICLES - SINHALA

ලාෆ් ගෑස් මිලත් ඉහළට

ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරය රුපියල් 150 කින් වැඩි වී...

කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්ෂාව

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ආරක්ෂාව යොදවා තිබෙනවා. දුම්රිය නියාමක සංගමය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්...

බදු වැඩි වෙන්නේ ගෝඨාභය එලෙව්ව නිසා – නාමල් රාජපක්ෂ

පසුගිය වසරේ පැවති අරගලය හා හිටපු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළවා හැරීම බදු වැඩි වීමට හේතු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...