31 C
Colombo
Wednesday, March 29, 2023

යටි පතුල් වේදනාව ගැන හරියටම දැනගන්න

- Advertisement -

බොහෝ අය Heel spurs/විලුඹ ස්පර්ස් සහ Plantar fasciitis/ප්ලාන්ටාර් ෆැසිටයිටිස් වල වේදනාව විස්තර කරන්නේ උදේ පාන්දරින්ම නැගිටින විට පිහියක් වැනි තියුණු තුඩක් පාද පතුලේ ඇනී ඇති බවය

වේදනාව පසුව දරුණු කැක්කුමක් බවට පත්වේ.

ඔවුන් බොහෝ විට මැසිවිලි නඟන්නේ දිගු වේලාවක් වාඩි වී සිටීමෙන් පසු නැගිටිනවිට තියුණු වේදනාව නැවත පැමිණෙන බවයි.

එබැවින් Plantar fasciitis හා Heel spurs රෝග දෙකම පිලිබඳ ඔබගේ දැනුවත් වීම ඉතා යෝග්‍යවේ.

1)යටි පතුල් වල වේදනාව පලවෙනි කොටස (පාදුක කවලිකා ප්‍රදාහය/Plantar fasciitis)

මෙම තත්වය ඇතිවන්නේ කෙසේද යන්න මදක් විමසා බලමු. පාදයේ ඇඟිලි සහ විළුඹේ අස්ථිය සම්බන්ධ කරමින් ඝණ පටකයක් ඇති අතර යටිපතුල වක්‍ර ස්වභාවයක් ගැනීමට එය හේතුවේ. මෙම පටකය පාදුක කවලිකාව (Plantar fascia) ලෙස හැඳින්වේ. මෙම පටකයේ ඇතිවන ප්‍රදාහය (Inflammation) පාදුක කවලිකා ප්‍රදාහය ලෙස නම් කර ඇත. මෙහිදී සිදුවන්නේ පාදුක කවලිකාව වැඩිපුර භාවිතා කිරීම හෝ වැඩිපුර ඇදීම නිසා දුර්වල වීම, වේදනාකාරී වීම, සහ ඉදිමීමකට ලක්වීමය.

✅Planta fasciitis හේතු සහ අවදානම් සාධක
🔹කෙටි කාලයකදී ශරීරයේ බර වැඩිවීම
🔹බාල තත්ත්වයේ පාවහන් පැළඳීම (පමණට වඩා මෘදු අඩියක් සහිත හෝ යටි පතුලේ වක්‍රයට ආධාරකයක් නොවන)
🔹යටි පතුලේ වක්‍රතාවය පමණට වඩා අඩුවීම (Flat foot) හෝ වැඩිවීම (High arch) වැනි යටි පතුලේ වක්‍රයෙහි පවතින ගැටළු
🔹දිගු වේලාවක් ඇවිදීම හෝ සිටගෙන සිටීම
🔹දුර දිවීම,බෑවුමක් දිගේ පහළට දිවීම හෝ සමතලා නොවන බිමක දිවීම
🔹තද ඇචිලිස් කණ්ඩරාව හෙවත් බල නහරය (Achilles tendon) හෝ තද බත් කෙණ්ඩයේ මාංශ පේශි පිහිටීම
🔹දුවන විට හෝ ඇවිදින විට නිතර පාදය ඇතුළු පැත්තට පෙරලීම (Excessive pronation)
🔹යටි පතුල් වල වේදනාව මැදි වයසේ පුද්ගලයන් අතර බහුලය.

✅Plantar fasciitis රෝග ලක්ෂණ
🔹විළුඹෙහි ඇතිවන තියුණු හෝ තියුණු නොවන වේදනාව
🔹යටි පතුලේ තද ස්වභාවය
🔹පියවර කිහිපයක් තැබීමෙන් පසු යටි පතුලේ වේදනාව සහ තද ස්වභාවය ක්‍රමයෙන් අඩුවීම

🛑පහත දේවල් මගින් වේදනාව වැඩිවේ,

ඉහළට නැගීම හෝ පඩිපෙළක ඉහළට යාම
ස්වල්ප වේලාවක් ඉඳගෙන සිටීම හෝ සිටගෙන සිටීම
වෙහෙසකර ශාරීරික ක්‍රියාකාරකමකට පසු
උදෑසන ඔබ තබන මුල් පියවර කිහිපය

✅රෝග විනිශ්චය කරන්නේ කෙසේද?

ඔබගේ වෛද්‍යවරයා යටි පතුල් වල වේදනාව හා සම්බන්ධ වන ලක්ෂණ සඳහා පරීක්ෂා කරනු ඇත.
යටි පතුල් වේදනාකාරී වීම
යටි පතුල රතු පැහැ වීම සහ ඉදිමීම
යටි පතුලේ වක්‍රතාවය අඩුවීම (Flat foot)
යටි පතුලේ වක්‍රතාවය වැඩිවීම (High arch)
යටි පතුලේ වක්‍රයෙහි ඇති තද ස්වභාවය
ඇතැම් විට, යටි පතුලේ වේදනාව ඇතිකරන වෙනත් හේතු හඳුනාගැනීම සඳහා ඔබගේ වෛද්‍යවරයා පාදයෙහි X-කිරණ පරික්ෂණ සිදුකිරීමට නිර්දේශ කරනු ඇත.

2)යටිපතුල් වේදනාව දෙවැනි කොටස
(Heel spurs/හීල් ස්පර්ස්)

විලුඹේ වේදනාව Plantar calcaneal spurs/ප්ලාන්ටාර් කැල්කනියල් ස්පර්ස් වල පොදු රෝග ලක්ෂණයකි. Heel spurs/විලුඹ ස්පර් යනු heel bone(calcaneus)විලුඹ අස්ථියෙන් ගැටිති අස්ථියක් නිර්මාණය වීම වන අතර එම ප්‍රදේශයේ ඇති කැල්සියම් තැන්පතු හේතුවෙන් එය සෑදී ඇත. එසේම, ප්ලාන්ටාර් කැල්කේනියල් ස්පර්ස් ප්ලාන්ටාර් ෆැසිටයිටිස් (ප්ලාන්ටාර් ෆැසිසියාව ප්‍රදාහය) සමඟ සම්බන්ධ වේ.

👉රෝග ලක්ෂණ

  1. උදේ නැගිටින විට විලුඹේ පිහියකින් අනිනවා වැනි තියුණු වේදනාවක් තිබීම.
  2. දවස පුරා විලුඹේ තද කැක්කුම.
  3. විලුඹේ ඉදිරිපස ඉදිමීම
  4. හානියට පත් ප්‍රදේශයෙන් පිටවන තාපය.
  5. විලුඹ යට කුඩාවට පෙනෙන අස්ථි වැනි නෙරා යාම.

✅Plantar fasciitis හා Heel spurs සඳහා ප්‍රතිකර්ම

🔹ස්ටෙරොයිඩ නොවන ප්‍රති-ප්‍රදාහ ඖෂධ (Non-steroidal Anti-inflammatory Drugs/NSAIDs)
🔹ඉහත ප්‍රතිකර්ම මගින් ප්‍රතිඵලයක් නොලැබුනි නම්, ඔබේ වෛද්‍යවරයා යටි පතුලේ ප්‍රදාහය අඩු කිරීම සඳහා වේදනාව සහිත පතුලට ස්ටෙරොයිඩ් ඖෂධ අඩංගු නික්ෂේපන (Steroid injections) විදිනු ඇත.
🔹ඉහත සඳහන් කල ප්‍රතිකර්ම මාස 6-12 ක් කිරීමෙන් සුවයක් නොලැබේ නම්, පතුලට ශල්‍යකර්මයක් කිරීම අවශ්‍ය විය හැක.

♦️භෞත චිකිත්සාව

රෝගීන්ගෙන් 90% කට වඩා ශල්‍ය නොවන ක්‍රම මගින් ප්‍රතිකාර කළ හැකිය. විලුඹේ වේදනාව නිදන්ගත අවධියකට පැමිණීමට පෙර ප්‍රතිකාර වලට යොමුවීම යෝග්‍ය වේ
භෞත චිකිත්සාවහි ප්‍රතිකාර ක්‍රම වන කටු චිකිත්සාව, විද්‍යුත් චිකිත්සාව,මාංශ පේශි ශක්තිමත් කිරීමේ ව්‍යායාම හා අනෙකුත් ප්‍රතිකාර මගින් මෙම තත්වයන්ට ප්‍රතිකාර කල හැකිය.
එබැවින් මෙම තත්වයන් අත්විඳින්නේ නම් ඔබගේ වෛද්‍යවරයා හෝ භෞත චිකිත්සකවරයා වෙත යොමුවීම ඉතා යෝග්‍යවේ.

– වෛද්‍ය කසුන් බස්නායක –

RECENT ARTICLES - SINHALA

මිනිස් ඝාතනයට තැත් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා  සිරදඬුවම් 

බෝම්බයක් පුපුරුවා හැර මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළා.

විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනයට රජය තීරණය කරයි

ඉදිරියේදී අවසර හිමිවන සෑම අවස්ථාවකම මෙරටට විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනය කිරීමට රජය තීන්දුවක් ගෙන ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර...

BREAKING – බස් ගාස්තු අඩු වෙන්නේ මෙහෙමයි

0
බස් ගාස්තු හෙට (30) මධ්‍යම රාත්‍රියෙන් අඩු කෙරෙන බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...