31 C
Colombo
Wednesday, February 12, 2025

පාරිභෝගික අධිකාරියෙන් වෙළෙඳසැල්වලට පැනවූ දඩ

- Advertisement -

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය රුපියල් මිලියන 207කට අධික දඩ මුදල් ප්‍රමාණයක් පසුගිය වසරේ සිදු කළ වැටලීම්වලින් වෙළෙඳසැල් සඳහා නියමකර තිබෙනවා.

මහේස්ත්‍රාත් අධිකරණ මගින් අදාළ දඩ මුදල් නියම කර ඇත්තේ, නඩු පැවරීම් 23,953ක් සඳහායි.

එමෙන්ම දැනට නඩු පැවරීම් සිදුකර නොමැති වැටලීම් සඳහා කඩිනමින් නඩු පවරන බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළා.

අදාළ වැටලීම්වලදී උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, භාණ්ඩවල තොරතුරු සඳහන් නොකිරීම, තොරතුරු වෙනස් කිරීම, ලකුණු කළ මිල වෙනස් කර වෙනත් මිලක් සඳහන් කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, විදුලි උපාංග සඳහා වගකීම් කාලයක් ලබා නොදීම, තොග සඟවා තබා ගැනීම, විධිමත් බිල්පතක් ලබා නොදීම ඇතුළු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනත උල්ලංඝණය කරමින් වෙළෙඳුන් විසින් සිදුකරන ලද වැරදි සළකා ඇතැයි සඳහන් වනවා.

අදාළ වැටලීම්වලදී ආහාර වර්ග, රූපලාවන්‍ය ද්‍රව්‍ය, ඖෂධ, ගොඩනැගිලි ද්‍රව්‍ය, විදුලි උපකරණ ඇතුළු විවිධ පාරිභෝගික භාණ්ඩ ආවරණය කර තිබු අතර එහිදී වැඩිම වැටලීම් ප්‍රමාණයන් කර ඇත්තේ සහල් සම්බන්ධවයි.

එහිදී සුපිරි වෙළෙඳසැල්, ආපනශාලා, ඖෂධ අලෙවිසැල්, නිමි ඇඳුම් වෙළෙඳසැල්, ජංගම දුරකතන හා විදුලි උපාංග අලෙවිසැල්, ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසැල්  හා රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවිසැල් ප්‍රධාන වශයෙන් විමර්ශනයට ලක් කර තිබෙනවා.

මේ වසරේදීත් පාරිභෝගිකයින් විසින් සිදුකර ඇති පැමිණිලිවලට කඩිනමින් පියවර ගන්නා බවත් උපායදූතයන් මගින් වෙළෙඳුන් විසින් සිදු කරන වැරදි හඳුනාගෙන නීතිමය පියවර ගන්නා බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

අර්චුනා ආයෙත් යකා නටලා

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා...

රාජ්‍ය සේවක අවම වැටුප 20,000කින් වැඩි කරන්න – ජනපතිගෙන් ඉල්ලීමක්

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ අවම මූලික වැටුප රුපියල් 20,000කින් වැඩි කරන ලෙස රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එම...

යළිත් විදුලි කප්පාදුවක්? තීරණය අද

නවම් පුර පසළොස්වක පොහෝ දිනය යෙදී ඇති අද, විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, නොරොචෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර 3ම...

POPULAR ARTICLES

මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන සැකයක්

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට වාර්තා වීමත් සමග එය නිවැරදි වන තෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම ඔහුට අත්හිටුවා...