27 C
Colombo
Monday, December 2, 2024

පළමු ආසියානු බෞද්ධ සමුළුව නවදිල්ලියේදී ඇරඹෙයි

- Advertisement -

අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනය සහ ඉන්දියානු සංස්කෘතික අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරන්නට යෙදුණු ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව -2024 (Asian Buddhist Summit) ඊයේ (05) ඉන්දියාවේ නවදිල්ලිනුවරදී ආරම්භ වුණා.

පසුගිය වසරේ අතිසාර්ථකව පැවැත්වුණු ගෝලීය බෞද්ධ සමුළුවට (Global Buddhist Summit – 2023) පසු අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනය සහ ඉන්දියානු සංස්කෘතික අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරන දෙවන බෞද්ධ සමුළුව මෙයයි.

“ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාරයයි” යන්න මෙම සමුළුවෙහි තේමාවයි.

දින දෙකක් පුරාවට පැවැත්වෙන (නොවැම්බර් 05, 06) මෙම සමුළුව සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකාව, මියන්මාර, ඇමෙරිකා එක්සත් ජනපදය, නේපාලය, වියට්නාමය, තායිලන්තය, ජර්මනිය, භූතානය, බංග්ලාදේශය, උස්බෙකිස්ථානය, කසකස්ථානය, ටිබෙටය, ජපානය, රුසියාව ආදී ආසියාතික මෙන්ම බටහිර රටවල්වලිනුත් මහා සංඝරත්නය වැඩම කරනු ලැබුවා.

සමුළුවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ඉන්දියාවේ ජනාධිපතිනි  ශ්‍රීමත් ද්‍රෞපදී මුර්මු මහත්මිය සහභාගී වූ අතර ඉන්දීය රජය නියෝජනය කරමින් සංස්කෘතික හා සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය ශ්‍රී ගජේන්ද්‍ර සිං සිකාවත් මහතා, පාර්ලිමේන්තු කටයුතු සහ අන්‍යාගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු කිරෙන් රිජ්ජු මහතා සහ ඉන්දීය විදේශ දූත මණ්ඩල ප්‍රධානීන්ද ඊට එක් වුණා.  

එමෙන්ම, අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයෙහි මහ ලේකම් ශාස්ත්‍ර චෝඩ්න් හිමියන් හා තවත් ශාස්ත්‍රීය විද්වතුන් බොහෝමයක් මේ සඳහා සහභාගී වූ අතර ජනාධිපතිතුමිය විසින් බුදුන් වහන්සේට මල් පූජා කිරීමෙන් අනතුරුව සමුළුව ආරම්භ වුණා.

අනතුරුව සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ආරාධිත අමුත්තන් විසින් පහන දැල්වූවා.

මෙහිදී පිළිගැනීමේ කතාව අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයෙහි මහා ලේකම් හිමියන් විසින් පවත්වනු ලැබුවා.

අනතුරුව සංස්කෘතික හා සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය ශ්‍රී ගජේන්ද්‍ර සිං සිකාවත් විසින් සමුළුව ඇමතූ අතර ඔහු මෙවන් කාර්යයන් තුළින් ඉන්දියාව සහ අන් රට වලට වෙන සේවාව එහිදී ඇගයීමට ලක් කළා.

තවත් මෙවන් කාර්යයන් සඳහා ඉන්දීය රජය හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බවද ප්‍රකාශ කළා.

අනතුරුව ඉන්දීය ජනාධිපතිනි‍ය සමුළුව අමතමින් පළ කළේ මෙවන් අදහසක්,

“සදාචාර සම්පන්න ජීවිතයක් ගත කරන ආකාරය බුදුන් වහන්සේ අපට කියා දී තිබෙනවා. බොහෝ අංශවලින් විවිධ ආකාරයට පැමිණෙන අභියෝගවලට මුහුණ දෙමින් සිටින ලෝකයක, බුදුන්වහන්සේ බිහි කළ චින්තන ධාරාවෙන් අපට කළ යුතු දේ පිළිබඳව වටිනා මඟ පෙන්වීමක් ලබා දෙනවා. අප අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා මෙම සමුළුව සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ඇති බව මට විශ්වාසයි.”

” අද මෙම සමුළුවට ආසියාව පුරා මෙන්ම අනෙකුත් රටවලින්ද සංඝරත්නය සහ විවිධ පුද්ගලයින් පැමිණිලා තිබෙනවා. බැලූ බැල්මට ඔවුන් විවිධ භාෂා කතා කරන විවිධ ඇඳුම් පැළඳුම් අඳින අය. නමුත් ඔවුන් අදහන දර්ශනය එකක්. එය බෞද්ධ දර්ශනයයි. එම නිසා ඔවුන් සියල්ලන්ම සාමකාමීයි. එබැවින් මේ අවස්ථාවට එක්වීම පිළිබඳව මම සතුටට පත්වෙනවා.”

අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය නිකායෙහි මහා නායක ධුරය දරන අතිපූජ්‍ය ආචාර්ය වස්කඩුවේ මහින්දවංස මහානායක හිමි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමුළුව ඇමතීමටද නියමිතයි.

අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයෙහි නියෝජ්‍ය මහා ලේකම් ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා සහ අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයෙහි ධර්ම ලේකම් ආචාර්ය ශර්මිලා මිල්ලෝයි මහත්මිය ශ්‍රී ලංකාව නියෝජනය කරන ආරාධිත විද්වතුන් ලෙස සමුළුවට සහභාගී ව සිටිනවා.

කෙටි චිත්‍රපට තිරගත කිරීම් ද, ප්‍රදර්ශන ද සමුළුවට සමගාමීව පැවැත්වෙනු ඇති.

RECENT ARTICLES - SINHALA

කෝටි දෙකේ සොරකම

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් මකර තොරණ සහිත ඉපැරණි ලෝහමය බුදුපිළිමයක් සොරකම් කළ ස්වාමීන් වහන්සේ දෙනමක් සහ සංචාරක හෝටලයක හිමිකරුවෙක් මාවනැල්ල පොලීසිය විසින්...

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මෙන්න

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබෙනවා. මේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන්...

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට නව ලේකම්වරියක්

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය පත් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකර තිබුණා. ඊට අදාළ...

POPULAR ARTICLES

කෝටි දෙකේ සොරකම

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් මකර තොරණ සහිත ඉපැරණි ලෝහමය බුදුපිළිමයක් සොරකම් කළ ස්වාමීන් වහන්සේ දෙනමක් සහ සංචාරක හෝටලයක හිමිකරුවෙක් මාවනැල්ල පොලීසිය විසින්...

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මෙන්න

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබෙනවා. මේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන්...

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට නව ලේකම්වරියක්

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය පත් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකර තිබුණා. ඊට අදාළ...