24 C
Colombo
Sunday, February 16, 2025

පළමු වරට කාන්තාවක් කටාර්හි තානාපති ධූරයට

- Advertisement -

කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස රොෂාන් සිතාරා ඛාන් අසාද් මහත්මිය වැඩ භාර ගෙන තිබෙනවා.

පසුගිය ජනවාරි 23 දා දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී ඇය රාජකාරි භාරගනු ලැබුවේ කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙසින් තේරීපත් වූ පළමු කාන්තාව ලෙසයි.

1998 වසරේදී විදේශ සේවයට සම්බන්ධ වීඇති ඇය මේ වන විට මෙරට විදේශ සේවා නිලධාරිනියක ලෙස වසර 27ක සේවා අත්දැකීම් සපුරා තිබෙනවා.

විදේස රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ඇතුළු විවිධ අංශවල ඉහළ තනතුරු දරා ඇති ඇය, ලතින් ඇමරිකාව හා කැරිබියානු කලාපය සඳහා අතිරේක ලේකම්වරියක ලෙසද කටයුතු කර ඇති බව සඳහන්.

කටාර්හි තානාපති ධුරයට පත්වීමට පෙර, ඇය ලන්ඩන්, චෙන්නායි, දෝහා සහ ඔටාවා හි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සේවය කළ අතර, එහිදී ඇය නියෝජ්‍ය මහකොමසාරිස් සහ වැඩබලන මහකොමසාරිස් ලෙස සේවය කර තිබෙනවා.

තානාපති ධුරයට පත් ඛාන් අසාර්ඩ් පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් කලා උපාධියක් සහ ඉන්දියාවේ මදුරාසි විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති අතර ඇය කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES