ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතා වෙත ඉන්දියාව සිය සුබ පැතුම් එක් කර තිබෙනවා.
නව ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සිට ඊයේ (22) රාත්‍රියේ බත්තරමුල්ල සිය පක්ෂ මූලස්ථානය වෙත ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සංතෝෂ් ජා මහතා පැමිණ තිබුණා.
එහිදී, ඔහු අනුර කුමාර දිසානායක මහතා වෙත මල් කලඹක් පිරිනමා ඉන්දීය රජය වෙනුවෙන් සුභ පැතුම් පළකර තිබෙනවා.
නව ජනපති අනුර කුමාර දිසානයක මහතා වෙත සුභ පැතීමට පැමිණි පළමු විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා වූයේ ඔහුයි.
මේ අතර ශ්‍රී ලංකාවේ චින තානාපතිවරයාද අනුර කුමාර දිසානායක මහතා හමුවී සිය සුබපැතුම් එක්කර තිබෙනවා.
ආර්ථික හා සමාජීය ඉලක්ක මෙන්ම දෙරටේ ශක්තිමත් සබඳතා සාක්ෂාත් කර ගැනීම සඳහා අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පරිපාලනය හා ශ්‍රී ලංකාවාසි ජනතාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානමින් සිටින බව ජපානය පවසනවා.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයෙකි මහතා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කර තිබුණා.