30 C
Colombo
Tuesday, April 29, 2025

පළමු අඟහරු මෙහෙයුම ලබන වසරේදී – ඊලෝන් මස්ක්

- Advertisement -

ලබන වසරේ අවසාන කාලයේදී සිය Starship රොකට්ටුව අඟහරු වෙත ගමන් කිරීම සඳහා සූදානම් වනු ඇති බව SpaceXහි නිර්මාතෘ , ව්‍යවසායක එලොන් මස්ක් පවසා තිබෙනවා.

ඒ, රොකට්ටුවේ පියාසැරි පරීක්ෂණවල සිදු වූ පිපිරීම් කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතිම පසුබිමකයි.

ඊලෝන් මස්ක් X හි සටහනක් තබමින් පෙන්වා දී ඇත්තේ, මූලික මෙහෙයුම් බාධාවකින් තොරව සිදුවුවහොත් 2029 වසරේදී අඟහරු වෙත මිනිසුන් රැගෙන යාම ආරම්භ කළ හැකි වනු ඇති බවයි.

බොහෝදුරට එම සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහ 2031 වසර වන තෙක්  කල් ගතවනු ඇති බවද ඔහු සඳහන් කර තිබෙනවා.

අඟහරු වෙත මිනිසුන් රැගෙන යාමේ සැලැස්ම පිළිබඳ ඊලොන් මස්ක් පළමු වරට අදහස් දැක්වූයේ 2016 වසරේ පැවති ජාත්‍යන්තර අජටාකාශගාමී සම්මේලනයේදීයි.

අඟහරු ග්‍රහලෝකය වෙත ගමන් කිරීමේ අභිලාශයන් සාර්ථක වීමට නම් මීටර් 123 ක උසකින් නිර්මාණය කරන ලද දැවැන්ත Starship රොකට්ටුවේ නිසි ක්‍රියාකාරීත්වය වඩාත් වැදගත් වනවා.

කෙසේවෙතත්, පරීක්ෂණ වලදී එය විවිධ අසාර්ථක තත්වයන්ට මුහුණ දී තිබෙනවා.

මෙම පරීක්ෂණවල එක් පියවරක් වශයෙන් පසුගිය සතියේ ටෙක්සාස් සිට දියත් කළ එක් රොකට්ටුවක්ද පුපුරා ගොස් තිබුණා.

RECENT ARTICLES - SINHALA

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය යථා තත්ත්වයට

මුහුදුබඩ මාර්ගයේ පැවති දුම්රිය ප්‍රමාදය මේ වනවිට යථාතත්වයට පත්ව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ඉඳුරුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ පාලමක ඇතිවූ ගැටලුවක් හේතුවෙන් අද (29)...

30ක් රෝහලට යැවු බස් අනතුරක්

බෙලිඅත්ත, පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව අසන්නයේදී පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා...

මාස 8කට පෙර මිය ගිය සැක සිරුරක්

කැස්බෑවේ ප්‍රදේශයේ නිවසක් තුළ මාස 8ට පමණ පෙර මිය බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඊයේ (28) රාත්‍රීයේ එම සිරුර සොයාගෙන තිබුණේ කැස්බෑව,...

POPULAR ARTICLES