31 C
Colombo
Wednesday, May 21, 2025

මඩකලපුව වෙරළට මසුන් ගොඩ ගසයි

- Advertisement -

උෂ්ණත්වය අඩු වීම හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල මසුන් රැසක් වෙරළට ගොඩගසා ඇති බව නාරා ආයතනය පවසනවා.

නාරා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කේ.අරුලානන්තන් මහතා සඳහන් කළේ මෝසම් කාල වෙනස් වීමත් සමග ජලය ගමන් කිරීමේ මාර්ගය වෙනස් වීම හේතුවෙන් උෂ්ණත්වය අඩු වීමත් සමඟ මෙලෙස මසුන් වෙරළට ගොඩ ගසා ඇති බවයි.

මඩකලපුව, කලුවංචිගුඩි, කළුතාවෙල, තේටතිව්, කුරුක්ලමඩම්, ඔන්ටාචිමඩම් ඇතුළු ප්‍රදේශවලට මසුන් ගොඩ ගසා ඇති බවයි වාර්තා වෙන්නේ.

පොතුබරි හෙවත් මුහුදු කුකුළා නැමති මාලු විශේෂය මෙලෙස ගොඩ ගසා තිබෙනවා.

සාමාන්‍යයෙන් සෑම වසරකම ඔක්තෝම්බර් මාසය තුළ මෙම සිදුවීම වාර්තා වන අතර ජල මට්ටමේ සිට 10m ක් පමණ ගැඹුරින් වෙසෙන මසුන්ට මෙමඟින් බලපෑම් එල්ල වී ඇති බව වැඩිදුරටත් සඳහන් වෙනවා.

RECENT ARTICLES - SINHALA

කම්කරු දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

කම්කරු කාර්යාලයන්හි සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම් පත්‍ර භාරගැනීම අද (21) දහවල් 12 සිට සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව කම්කරු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. කම්කරු කොමසාරිස් ජනරාල්වරයා...

කොළඹ ඇල මාර්ග සහ කාණු පද්ධති පිරිසිදු කරන්න ජනපතිගෙන් උපදෙස්

කොළඹ දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගය වැළඳීමේ ප්‍රවණතාව වැඩිවීමක් දක්නට ලැබෙන බැවින්, ඇළ මාර්ග සහ කාණු පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීමට...

ගුවන්තොටුපළ ගොඩනැගිල්ලක් නිසා කෝටි ගාණක් වතුරේ

5.44%ක් පමණ වූ තත්‍ය ප්‍රගතියට මගී පර්යන්ත ගොඩනැගිල්ල හා ආශ්‍රිත ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සඳහා ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම විසින් තායිසේ සමාගම වෙත රුපියල් බිලියන...

POPULAR ARTICLES