1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත මේ වන විට අවස්ථා 8කදී සංශෝධනය කරනු ලැබ ඇති අතර, එකී පනත සශෝධනය කර නව පනතක් හඳුන්වා දීම සඳහා මීට පෙර අවස්ථා කිහිපයකදී පියවර ගනු ලැබ ඇති නමුත් මෙතෙක් එම කාර්යය අවසන් වී නැහැ.
මෙරට දේශීය ජල තීරය සහ මහ මුහුදේ නීති විරෝධී, වාර්තා නොවූ සහ අවිධිමත් ධීවර මෙහෙයුම් සම්බන්ධ ගැටලු පිළිබඳ ව්‍යාවස්ථාදායක රාමුව ශක්තිමත් කිරීම උදෙසා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ තාක්ෂණික සහාය ද ඇතිව ධීවර අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ,නීතිපති දෙපාර්තමේන්තුවේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් විසින් මූලික කෙටුම්පතක් සකස් කරනු ඇති.
එකී මූලික කෙටුම්පත මත පදනම්ව නව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.