27.2 C
Colombo
Saturday, June 21, 2025

ඉරානයේ දින පහක ශෝක කාලයක්

- Advertisement -

ඉරානය තුළ දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

හිස්බුල්ලා නායක හසන් නස්රල්ලාගේ මරණය හේතුවෙන් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කමේනි විසින් මෙම ශෝක කාලය ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉරානයේ උත්තරීතර නායකයා සඳහන් කර ඇත්තේ පළිගැනීමකින් තොරව මෙම මරණයට සාධාරණයක් ඉටු කිරීමට නොහැකි බවයි.

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට ඊශ්‍රායලය පහර දිමේදිත් ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය පහරදීමේදීත් තව දුරටත් නිහඬව බලා සිටීමට නොහැකි බව කමේනී අවස්ථා ගණනාවකදී පවසා තිබුණා.

කෙසේ නමුත් නසරැල්ලාගේ ඝාතනය සම්බන්ධයෙන් කමේනී හෝ ඉරානය නිහඬව බලා නොසිටිනු ඇතැයි දේශපාලන විෂ්ලේශකයින් පෙන්වා දෙනවා.

නසරැල්ලා ඝාතනය මැදපෙරදිග කලාපය දිනෙන් දින උණුසුම් කරන ගිනිදැල් ළැව් ගින්නක් සේ පැතිර යෑමට ද හේතුවක් වනු ඇති බවට විදෙස් මාධ්‍ය පවසනවා.

සෙවණැලි අතරේ සැඟව සිටි නසරැල්ලා, ඉරානය සමඟ සමීප සබඳතා පැවැත්වූ අයෙක්.

ලොව ප්‍රධානතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන්නේ ඉරානයයි.

ඉරානයේ සහාය ලබමින්, හිස්බුල්ලා සංවිධානය දේශපාලනික අංශයකින් මෙන්ම සන්නද්ධ අංශයකින් ශක්තිමත් කිරීමේ පුරෝගාමියා වූයේ නසරැල්ලා.

නසරැල්ලගේ නායකත්වය යටතේය ගාසා තීරයේ හමාස් පලස්තීන සංවිධානය මෙන්ම හමාස් සංවිධානයේ සන්නද්ධ අංශය බිහිව තිබෙනවා.

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට පමණක් නොව, ඉරාකයේ ෂියා මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම්වලට මෙන්ම යේමනයේ හවුති ඇතුළු සෙසු සන්නද්ධ කණ්ඩායම්වලට ද අවි ආයුධ සහ අවි පුහුණුව ද ලබා දීම නසරැල්ලගේ නායකත්වය යටතේ සිදු බවට විදෙස් වාර්තා පවසනවා.

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES