එල්.ටි.ටි.ඊ සංවිධානයේ පැරණි බුද්ධි අංශ කඳවුරක්ව පැවති කිලිනොච්චිය, කනගපුරම් හි ඉඩමක නිධන් වස්තු සහ එම සංවිධානය විසින් සඟවා අැතැයි කියන රත්තරන් සොයා කැණීම් කළ පොලිස් කොස්තාපල්වරයකු අැතුළු සැකකරුවන් පස්දෙනකු ඊයේ(21) අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.
අරවියනගර් පොලිස් විශෙෂ කාර්ය බලකා නිලධාරීන් වෙත ලැබුණ බුද්ධි තොරතුරකට අනුව සිදුකළ විශේෂ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවටගත් බවයි පැවසෙන්නේ.
සැකකරුවන් සතුව තිබී භූමිය පරීක්ෂාකරන ස්කෑනර් යන්ත්‍රයක් නිධන් හැරීමට යොදාගන්නා උපකරණ ද අත්අඩංගුවටගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා තොරතුරු තාක්ෂණ කොට්ඨාසයට අනුයුක්ත රාජකාරීකරන අයකු වන අතර ඔහු විසින් මෙම නිධන් හැරීමේ කටයුතු මෙහෙයවා අැති බවට අනාවරණය වි තිබෙනවා.
පසුගිය යුද සමයෙ එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් අදාල ස්ථානය බුද්ධි අංශ කඳවුරක් ලෙස භාවිතා කොට අැති අතර එහි පුරාණ වටිනාකම් සහිත ගල්කණු කිහිපයක්ද දක්නට අැති බවත් පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.