25.6 C
Colombo
Saturday, July 19, 2025

කුඩු නඩුවකටත් පස්දෙනෙකුට මරණ දඬුවම

- Advertisement -

ධීවර යාත්‍රාවකින් හෙරොයින් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 05 දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් අද(27) මරණ දඬුවම නියම කර තිබෙනවා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණා.

2019 වසරේ දී ශ්‍රී ලංකා මුහුදු තීරය තුළ ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 152 කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාවට මොවුන් අත්අඩංගුවට ගත් අතර එම මත්ද්‍රව්‍ය තොගය කිලෝ 25 බැගින් වූ මලු 08 ක බහා ධීවර යාත්‍රාව තුළ මාළු සහ අයිස් තැන්පත් කරන කුටියේ සඟවා ප්‍රවාහනය කර තිබෙන බවට අනාවරණය වුණා.

රත්මලාන ප්‍රදේශයට ආසන්න මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් සිදුකළ වැටලීමකදී මෙම විත්තිකරුවන්ගේ ධීවර යාත්‍රාව ඔවුන් භාරයට ගෙන වැඩිදුර විමර්ශන සිදුකර තිබෙනවා.

අනතුරුව නීතිපතිවරයා විසින් මෙම නඩුව අධිකරණය හමුවේ ගොනුකරිමෙන් පසු තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා කියා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි.

දඬුවම් නියම කිරීමට මත්තෙන් යමක් ප්‍රකාශ කිරීමට තිබේදැයි විනිසුරුවරයා විත්විතිකරුවන්ගෙන් විමසා තිබෙනවා.

ඒ අනුව විත්ති කූඩුවේ සිට සිය ප්‍රකාශය ඉදිරිපත් කළ පළමුවන විත්තිකරු කියා සිටියේ තමන්ට ඕනෑම දඬුවමක් ලබා දෙන ලෙසත් සෙසු විත්තිකරුවන් හතර දෙනා නිදහස් කරන ලෙසයි.

තමන් අහිංසක ධීවරයින් බවත් මෙම අපරාධය හා තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව සෙසු විත්තිකරුවන් හතර දෙනා විත්තිකූඩුවේ සිට ප්‍රකාශ කිරිමෙන් පසු සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම මරණ දණ්ඩනය ප්‍රකාශයට පත් කරනු ලැබ තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රුවන්වැල්ලේ ගමනාගමනය සීමා කෙරේ: රියදුරන්ට නිවේදනයක්

සීතාවකපුර කොට්ඨාසයේ රුවන්වැල්ල පොලිස් වසමේ පිහිටි යටන්වල ස්වර්ණ වලුකාරම විහාරස්ථානයේ ඇසළ මහා පෙරහර හේතුවෙන්  අද (19) එම ප්‍රදේශයේ රථ වාහන ගමනාගමනය සීමා කර තිබෙනවා. අද...

අද වැසි තත්ත්වය ගැන දැනුම් දීමක්

අද (19) බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බවත්,  සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්...

සබරගමුව නවකවද සිද්ධිය: උපකුලපති වෙනුවෙන් නීතිපති නැහැ

සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ සිසුවකු නවක වදයට ලක්වීම හේතුවෙන් සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් කර සිද්ධියට සම්බන්ධ සිසුන්ට එරෙහිව සුදුසු පියවර...

POPULAR ARTICLES