27.2 C
Colombo
Saturday, June 21, 2025

ගුවන් හමුදාවේ බිමත් රියදුරෙක් නිසා පස් දෙනෙක් රෝහල ට

- Advertisement -

ගුවන් හමුදාවට අයත් මෝටර් රථයක් හා වෑන් රථයක් මාරවිල දී එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් කුඩා දරුවෙක් සහ කාන්තාවක් ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද (11) අලුයම 2.45ට පමණ එම අනතුර සිදුව තිබුණේ මාරවිල ශ්‍රී කුරුස දේවස්ථානයට ගමන් ගන්නා මාර්ගයේදී.

අතුරු මාර්ගයක සිට ඉතා වේගයෙන් පැමිණ මෝටර් රථය වේගය පාලනය කරගත නොහැකිව වෑන් රථයේ ගැටී එම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් හලාවත, පම්බල ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ ඥාතීන් පිරිසක් තුවාල ලබා තිබුණා.

ඔවුන් මඩු දේවස්ථානයට පිටත්වයාමට පෙර මාරවිල ශ්‍රී කුරුස දේවස්ථානයට පැමිණ අවස්ථාවේදී එම අනතුරට මුහුණ දී තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ රියදුරු ලෙස සිටි ගුවන් හමුදා නිලධාරියා අධික ලෙස බීමතින් සිට ඇති බව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙන බව පැවසෙනවා.

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES