නිරෝධායනයට යොමුකර සිටි අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් පස් දෙනෙකු හට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය බලධාරීන් පවසනවා.
කරපිටිය රෝහල විසින් සිදු කරන ලද PCR පරීක්ෂණ වලින් අනතුරුව ඔවුන්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවටයි තහවුරු වී ඇත්තේ.
මීට පෙර ගාල්ල හබරාදූවේ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකොට නිරෝධායනයට ලක්කර සිටි ඔවුන්ව මේ වන විට කළුතර පොලිස් පුහුණු විද්‍යාල ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.
- AI තාක්ෂණයට ඉතිහාසයේ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා- ජනාධිපති රනිල්
- වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත යළි හෙට පාර්ලිමේන්තුවට
- පෙට්‍රල් සහ ඩීසල් වලටත් බඳු ගහනවා-රංජිත් සියඹලාපිටිය
- ආබාධිත පුද්ගලයන්ගේ රියදුරු බලපත්‍ර ගැන දැනුම්දීමක්
- අපි මිහින්තලේ ආරක්ෂාව අයින් කරන්නේ නැහැ – පොලීසිය