2016 වසරේ සාලාව අවි ගබඩාව පුපුරා ගිනි ගත් අවස්ථාවේ ඉන් විසිවී තිබූ මෝටාර් උණ්ඩයක කොටසක් ඒ අසල නිවසකට ගෙනැවිත් අලංකරණයට තබා තිබෙනවා.
එම මෝටාර් උණ්ඩයක කොටස වසර 5 කට පසුව පුපුරා යාමෙන් 15 දරුවෙකු බරපතල තුවාල ලබා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා.
පිපිරීමෙන් තුවාල ලබා ඇත්තේ හංවැල්ල කලුඅග්ගල ශාන්ත ජෝන් බොස්කෝ මහා විද්‍යාලයේ 10 වන වසරේ ඉගෙනුම ලබන දිනෙත් සත්මිර නමැති පාසල් සිසුවෙක්.
පොලිසිය පවසන්නේ ඊයේ (27) සවස 5.53 ට පමණ මෙම පිපිරීම සිදුව ඇති අතර මෙම සිසුවා එම ස්ථානයේ පාඩම් කරමින් සිට ඇති බවයි.
එම ස්ථානයේ තිබූ මිලි මීටර් 130 ප්‍රමාණයේ කාලතුවක්කු වලට යොදන උණ්ඩ කොටසක් මෙසේ පිපිරී ඇති බවට පොලිසිය සැක කරනවා.
කෙසේ වෙතත් පසුගිය කාලයේ විටින් විට එම ප්‍රදේශයෙන් හමු වූ මෙවැනි බෝම්බ කොටස් ආරක්ෂක අංශ විසින් ගෙන ගොස් තිබූ අතර සමහර පුද්ගලයන් නිවාස සහ ගෙමිදුල අලංකාර කිරීම සඳහා ඒවා යොදා ගෙන තිබෙනවා.