28 C
Colombo
Saturday, April 19, 2025

මර්දනකාරී අණපනත් අහෝසි කරන්න – අනුරට ඉල්ලීමක්

- Advertisement -

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට නම් මර්දනකාරී අණපනත් අහෝසි කළ යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නව ජනපති අනුර කුමාර දිසානයක මහතා වෙත අවධාරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම ව්‍යාපාරය සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සීමාකරන සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ජීවගුණය පිරිහීමට ලක්කරන නීති රැසක් පසුගිය කාලයේදී සම්මත කර ඇති බවයි.

එම නීති වෙනස් කිරීමට නව ජනාධිපති අනුර කුමාර දිසානායක කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසනවා.

රටේ අනාගතය තීරණය වන්නේ ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ ආණ්ඩුව කටයුතු කරන ආකාරය මත බව ද පෙන්වා දෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, සියලු මර්දනකාරී අණපනත් අහෝසි කිරීම මගින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වන ජනාධිපතිවරයාගේ කැපවීම පෙන්නුම් කළ හැකි බවත්, එය ස්වර්ණමය අවස්ථාවක් බවත් වැඩිදුරටත් සඳහන් කරනවා.

මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත, යෝජිත ත්‍රස්ත මර්දන නීතිය, කෙටුම්පත් කර ඇති කම්කරු නීති මෙසේ කඩිනමින් වෙනස් කළ යුතු ඒවා අතර වන බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා.

එමෙන්ම, පසුගිය ආණ්ඩු කාලවලදී සිදු වූ මාධ්‍යවේදීන් අතුරුදන් කිරීම් සහ ඝාතනය කිරීම්, මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කිරීම්, මාධ්‍ය ආයතනවලට පහරදීම් සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත්කිරීමට කටයුතු කරන ලෙස ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනාධිපතිවරයාට යෝජනා කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...

පිල්ලයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙක් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු...

POPULAR ARTICLES

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ලංකාවට පදක්කම් 2ක්

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වුණා. කාන්තා මීටර් 800 තරගය...

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...