24 C
Colombo
Tuesday, March 21, 2023

රාජ්‍ය ආයතනවල ජාතික කොඩි අඩකුඹු කරන්න..! – රනිල්ගෙන් උපදෙස්

- Advertisement -

දෙවැනි එලිසබෙත් මහ රැජින ගේ අභාවය වෙනුවෙන් අද (09) සිට සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස දැනුම්දී තිබෙනවා.

එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පලකිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ බව දැනුම්දුන් බවයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ.

දෙවැනි එලිසබෙත් මහ රැජින වර්ෂ 1952 සිට 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙස කටයුතු කළා.

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණගේ අභාවය වෙනුවෙන් අද (09) පාර්ලිමේන්තුවේදී විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වනු ලැබුවා.

දෙවැනි එලිසබෙත් මහ රැජින වර්ෂ 1952 සිට 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙස කටයුතු කළා.

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලැබුවේ.

අනතුරුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ද විපක්ෂයේ ශෝකය පළ කරනු ලැබුවා.


RECENT ARTICLES - SINHALA

ලංකාවට IMF එකෙන් ලැබෙන පළමු මුදල ගැන හෙළිදරව්වක්

0
ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීර්ණ මුල්‍ය සහනයක් අනුමත කළ බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ඊයේ (20) රාත්‍රියේ නිල වශයෙන්...

IMF වෙත ජනපතිගෙන් ස්තුතිය

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහ සෙසු අන්තර්ජාතික පාර්ශවකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු...

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

RECENT ARTICLES - ENGLISH

SL passes through IMF assistance

0
The Executive Board of the International Monetary Fund (IMF) approved today a 48‑month extended arrangement under the Extended Fund Facility (EFF) with...

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.