25 C
Colombo
Friday, March 29, 2024

නවසීලන්තයෙන් කෑම, ඉන්දියාවෙන් පොහොර

- Advertisement -

ආර්ථික දුෂ්කරතාවලට මුහුණදී සිටින මෙරට ගොවීන්ට සහයවීමට සහ අවදානම් කාණ්ඩයේ ළමයින්ට ආහාර ලබාදීම සඳහා නවසීලන්ත ඩොලර් 500,000ක මූල්‍යාධාරයක් පිරිනමන බව එරට විදේශ අමාත්‍යාංශය නිවේදනය කළා.

නවසීලන්ත විදේශ අමාත්‍යවරිය වන නනයියා මහුටා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සටහන් කළේ එම මූල්‍යාධාරය ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය හරහා ශ්‍රී ලංකාවට ලබාදෙන බවයි.

මෙමගින් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර වසර 30 කට අධික කාලයක් පවතින සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් වන බවත්, එම කාලය තුළ නවසීලන්තය විසින් ශ්‍රී ලංකාවට නවසීලන්ත ඩොලර් මිලියන 25.07ක සංවර්ධන ආධාර ලබා දී ඇති බවත් ඇය සිහිපත් කළා.

මේ අතර ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක පොහොර සැපයීමට තීරණය කර තිබෙනවා.

එම පොහොර තොගය ලබා දෙනු ලබන්නේ ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ඩොලර් බිලියන එකක ණය යටතේයි.

මෙම යූරියා පොහොර තොගය ඉදිරියේ දී යල කන්නයේ වගා කටයුතු සඳහා යෙදවීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...