ජනාධිපතිවරයාට එරෙහිව ගාලු මුවදොර පිටිය අසළ දෙවන දිනයටත් පැවැත්වෙන විරෝධතාවයට විවිධ පාර්ශව විසින් මේ වන විට ආහාර ද්‍රව්‍ය සපයමින් සිටිනවා.
ඇතැමුන් පිසගත් ආහාර හා කෙටි ආහාර ගෙනවිත් විරෝධතාකරුවන් අතර බෙදාදෙන අතර තවත් පුද්ගලයින් එම ස්ථානයට ගැස් ලිප් ගෙනවිත් ආහාර පිස විරෝධතාකරුවන්ට ලබාදීමට සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර තිබෙනවා.
එම ස්ථානයේ සේවයේ නියුතු ආරක්ෂක අංශ වෙතද ජල බෝතල් ලබාදීමට ඇතැම් පුද්ගලයින් කටයුතු කරන ආකාරය දක්නට ලැබෙනවා.














