26 C
Colombo
Wednesday, January 22, 2025

ශ්‍රී පාද වන්දනාවට පැමිණි රථවාහන හදිසි පරික්ෂාවකට

- Advertisement -

ශ්‍රී පාද වන්දනාකරුවන් රැගෙන එන වාහන සහ මස්කෙලිය සිට නල්ලතන්නිය දක්වා ධාවනය කරන මගී ප්‍රවාහන බස් රථ සහ වෑන් රථ නල්ලතන්නිය පොලිස් නිලධාරීන් විසින් ඊයේ (03) හදිසියේ පරීක්ෂා කරනු ලැබුවා.

ඒ ක්ලීනින් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීවයි.

එහිදී වාහනවල මගීන්ට අනතුරු සිදුවිය හැකි අන්තරාදායක ලෙස සවි කර තිබූ අමතර කොටස් ගලවා ඉවත් කිරීමටත්‍, අත් තිරිංග, සංඥා ලාම්පු, ප්‍රධාන ලාම්පු ඇතුළු මෝටර් රථ ආඥා පනතේ වාහනයක් ධාවනය කිරීමට පනවා ඇති කරුණු 21ක් කෙරෙහි මෙහිදී අවධානයට ලක් කෙරුණා.

එහිදී අඩුපාඩුකම් සහිත වාහන කිහිපයක් පොලිස් අවධානයට ලක් වූ අතර එම අඩුපාඩුකම් සපුරා ගැනීමට රියදුරන්ට දින 14ක කාලයක් ද ලබා දෙනු ලැබුවා.

එම කාලය අතරතුරු එම වාහනය ධාවන කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් වාහනවල ආදායම් බලපත්‍රය පොලිස් භාරයට ගැණුනා.

නල්ලතන්නිය පොලීසිය පැවසුවේ, ශ්‍රී පාද වන්දනාකරුවන් ප්‍රවාහනය කළ වාහනවල අඩුපාඩුකම් සපුරාගෙන ඔවුන් පදිංචි පොලිස් බල ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ නිලධාරීන් වෙත ඉදිරිපත් කර එහි වාර්තාවක් නල්ලතන්නිය පොලීසිය වෙත යොමු කළ යුතු බවයි.

එමෙන්ම එම වාර්තාව ලැබෙන මෙත් එම වාහනවලද ආදායම් බලපත්‍ර නල්ලතන්නිය පොලිස් භාරයට ගැනීමටත් පොලීසිය කටයුතු කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

නුවර – මහියංගන මාර්ගයේ යන අයට දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර - මහියංගනය මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ මහනුවර - මහියංගනය මාර්ගය කහටගොල්ල...

POPULAR ARTICLES