27.8 C
Colombo
Thursday, April 25, 2024

මෙරටින් පළමුවරට ලාදුරු සෑදුන රිලවෙක් හමුවෙයි

- Advertisement -

ලාදුරු රෝගය වැළඳුනු කැලෑබද ප්‍රදේශයක රිළවකු සියඹලාණ්ඩුව ඇතිමලේ ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා.

මෙම සත්වයා අප්‍රාණිකව බිම ඇදවැටී සිටියදී ප්‍රදේශවාසීන් විසින් වනජීවී කාර්යාලයට බාරදී පසුව මේ පිළිබඳව සෞඛ්‍ය අංශ දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව මොණරාගල ලාදුරු මර්දන ඒකකයේ නිලධාරීන් පැමිණ පරික්ෂණ කීපයක් සිදුකර ඇති අතර එහිදී එම සත්වයා හට ලාදුරු රෝගය වැළඳී ඇති බවට තහවුරු වී තිබෙනවා.

කෙසේ වෙතත් රෝගී රිළවා මියගොස් ඇති අතර, උගේ සිරුරේ කොටස් ලාදුරු රෝගය වැළඳුණු රෝගියකුගේ මෙන් ශරීරයෙන් ගැලවී යන අයුරුද දක්නට ලැබී තිබෙනවා.

පසුව සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා කොළඹ ප්‍රධාන ලාදුරු මර්දන ඒකකය වෙත යවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම රිළවාගෙන් තවත් රිළවුන් කිහිප දෙනකුටද ලාදුරු රෝගය වැළඳී ඇතැයි වනජීවී නිලධාරීන් සිදුකළ විමර්ශන මගින් හෙළිවී තිබෙනාවා.

ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගය වැළඳුනු සත්වයකු හමු වූ පළමු අවස්ථාව මෙය ලෙසයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...