26.1 C
Colombo
Wednesday, October 4, 2023

ඕනෑම ශ්‍රී ලාංකිකයෙක්ට ගෞරවාන්විතව සිය මව්බිමෙහි මිහිදන්වීමට ඇති අයිතියට ගරු කල යුතුයි – කරු ජයසූරිය

- Advertisement -

ඕනෑම ශ්‍රී ලාංකිකයෙක්ට තම මරණයෙන් පසු ගෞරවාන්විතව සිය මව්බිමෙහි මිහිදන්වීමට ඇති අයිතියට ගරු කල යුතු බව හිටපු කතානායක කරු ජයසුරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

 ඔහු  මේ බව පවසා ඇත්තේ  ‘සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය’ සභාපති ලෙස දෙසැම්බර් 22 වන දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

 ලෝක මට්ටමේ පිලිගත් විශේෂඥ උපදෙස් මත ක්‍රියාකරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මේ වනවිටත් ලබාදී ඇති නිර්ණායකයන්ට හා මඟපෙන්වීම්වලට ගරු කරමින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ගේ අවමංගල්‍ය කටයුතු ඔවුන්ගේ ගරුත්වයට හේතුවන ආගමික සිරිත් අනුව සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය එම නිවේදනය මගින් රජයෙන් ඉල්ලා ඇත.

එම නිවේදනයේ පහතින්

 ශ්‍රී ලංකාවේ උපන් සිංහල දෙමල, මුස්ලිම් හෝ වෙනත් ඕනෑම ජාතිකත්වයකට හෝ ජන වර්ගයකට අයත්  පුද්ගලයෙකුට තම මරණයෙන් පසු ස්වකීය මව්බිමෙහි ගෞරවාන්විතව මිහිදන්වීමට අවස්ථාවක් නොදී බලහත්කාරයෙන් වෙනත් රටක භූමදාන කිරීමට කටයුතු යොදන්නේ නම් එය මියයන පුද්ගලයන්ට මෙන්ම ශ්‍රී ලංකාවටද කරන්නා වූ බලවත් අවමානයකි. 

 එවැනි යම් හෝ උත්සහයක් මඟින් සිදුකරන්නේ රටක් ලෙස ශ්‍රී ලංකාව බලවත් හෑල්ලුවට ලක්කිරීමකි.

 කොවිඩ් වසංගතයෙන් මියයන ලාංකීය මුස්ලිම් ජාතිකයන් මාලදිවයින තුළ භූමදාන කිරීම සඳහා ශ්‍රී ලංකා රජය එරට සමඟ සාකච්ජා කළ බවට පලවූ වාර්තාවන් පිලිබදව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය බලවත් කනස්සල්ට පත්වූ අතර මේ ආකාරයට අප මාතෘ භූමිය කවරෙකු විසින් හෝ හෑල්ලුවට ලක්කිරීම ගැන සංවිධානයක් ලෙස අපි දැඩි ලෙස සංවේගයට පත්ව සිටින්නෙමු.

 කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදු කිරීමේදී අනුගමනය කල යුතු ආකාරයන් පිලිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයද ලබාදී ඇති උපමාන වලට පරිබාහිරව කටයුතු කිරීම මඟින් මෙන්ම වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රෙය් පිලිගත් පර්යේෂණ නිගමනයන්ට බැහැරව යමින් අදානග්‍රාහිත්වයෙන් යුතුව කටයුතු කිරීම නොකල යුත්තකි.

 අප කුමන හෝ කරුණක් මුල් කරගනිමින් එවැනි අගතිගාමී ස්ථාවරයන්ට එළඹෙන්නේ නම් එමඟින් සිදු කරන්නේ ශීලාචාර ලෝක ප්‍රජාවගෙන් අප මාතෘ භූමිය දුරස් කිරීමකි. ශ්‍රී ලංකා රජය මේ පිලිබදව ගැඹුරින් තේරුම්ගත යුතුව තිබේ.

 ”අප කුමන හෝ කරුණක් මුල් කරගනිමින් අගතිගාමී ස්ථාවරයන්ට එළඹෙන්නේ නම් එමඟින් සිදු කරන්නේ ශීලාචාර ලෝක ප්‍රජාවගෙන් අප මාතෘ භූමිය දුරස් කිරීමකි. ශ්‍රී ලංකා රජය මේ පිලිබදව ගැඹුරින් තේරුම්ගත යුතුව තිබේ.”

– කරු ජයසුරිය 

RECENT ARTICLES - SINHALA

මාතර සියලුම පාසල් වසා දැමේ

මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (05) සහ අනිද්දා (06) දෙදින වසා තැබීමට තීරණය කර තිබෙනවා. පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන බවට වාර්තා...

දුම්රියේ ගැටී බේරුණු දරුවන් දෙදෙනෙක්

ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකුගේ දිවි බේරුණු ඇදහිය නොහැකි පුවතක් බේරුවල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. බේරුවල මරක්කලවත්ත හේන පාර ප්‍රදේශයේදී මෙම අනතුර...

මාතර ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම්

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද පුහුල්වැල්ල, වැලිගම, මාතර, අකුරැස්ස, වැලිපිටිය, හක්මණ ප්‍රදේශවලට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඉදිරි පැය...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...