32 C
Colombo
Friday, March 31, 2023

රටබීම ව්‍යාජව මෙරටදීම නිෂ්පාදනය කර කොළඹ හෝටල්වලට විකුණලා (PHOTOS)

- Advertisement -

ලොව ප්‍රමුඛ පෙලේ රට බීම වලට සමාන වන ලෙස මෙරටදී නිෂ්පාදනය කල ව්‍යාජ මත්පැන් තොගයක් සමග සැකකරුවෙකු අම්බලන්තොට මයුරපුර සිංහ ගම්මානයෙදී අත්අඩංගුවට ගැනීමට අම්බලන්තොට පොලිසිය සමත් වුනා.

එහිදී සිදුකල ප්‍රශ්න කිරීම් වලදී හෙළිවී ඇත්තේ මෙම පුද්ගලයා දේශීය මත්පැන් මිලට ගෙන රටබීම වල රසට සහ පැහැයට සමාන වන සේ විවිධ රසායනික ද්‍රව්‍ය යොදා මෙම නිෂ්පාදන සිදු කර ඇති බවයි.

මෙලෙස ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරනු ලබන රට බීම ලොව ප්‍රමුඛ විස්කි,බ්‍රැන්ඩි, සන්නාම සටහන් කල බෝතල් වල අසුරා කොළඹට පටවන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

මෙම වැටලීමේදී මෙලෙස ව්‍යාජ මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා විවිධ රසායනික දව්‍ය සහ උපකරණ තොගයක්ද පොලිස් බාරයට ගැනුනා.

වැටලීම සිදු කිරීමට පෙර මෙහි නිෂ්පාදනය කල ව්‍යාජ මත්පැන් තොගයක් කොළඹට පටවා ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවත් අම්බලන්තොට පොලිස් ස්ථානධිපතිවරයා පැවසුවා.

මෙම නිෂ්පාදන කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ අවන්හල්වල බෝතලයක් රුපියල් 5000 සහ 6000 අතර මිලකට අලෙවි කර ඇති බවට පරීක්ෂණවලදී තහවුරු වූ බවයි අම්බලන්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් විජේරත්න වැඩිදුරටත් කියා සිටියේ.

RECENT ARTICLES - SINHALA

අධිවේගී බස් ගාස්තු පහළට

ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව අධිවේගී බස් ගාස්තු ද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, අදාළ ගාස්තු අද (මාර්තු 31)...

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...