29.7 C
Colombo
Thursday, April 25, 2024

ජී. එල්. අද මානව හිමිකම් සමුළුව අමතයි

- Advertisement -

මෙරට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා විසින් අද (14) දින ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය ඇමතීමට නියමිත වනවා.

මෙහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික වාර්තාවක් ඉදිරිපත් කරමින් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ඊයේ දින දැක්වූ අදහස් වලට ඔහු විසින් පිළීතුරු ලබා දෙනු ඇති.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමාව දීම හේතුවෙන් රටේ නීතිය හා අධිකරණ ක්‍රියාවලිය කෙරෙහි විශ්වාසය බිඳ වැටීමේ අවදානම, 11 දෙනෙකු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාලව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව නඩු නොපැවරීමට නීතිපතිවරයා ගත් තීරණය, මිල පාලනය සහතික කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව නව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම,සාමකාමී විරෝධතා හා සැමරුම් කිහිපයකට එරෙහිව අධික පොලිස් බලය යෙදවීම සහ නිරෝධායන මධ්‍යස්ථාන තුළ විරෝධතාකරුවන් රඳවා තබා ගැනීම, පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ විමර්ශන කටයුතු, පොලිස් අත්අඩංගුවේදී සැකකරුවන් මිය යාම, මිලිටරිකරණය සහ වගවීමක් නොමැතිකම වැනි කරුණු රාශියක් සම්බන්ධව ඊයේ දින ඇය විසින් අදහස් දක්වා සිටියා.

අදාළ වාර්තාව පිළිබඳ විවාදය අද පැවැත්වෙන අතර සාමාජික රටවල් – සිවිල් සංවිධාන ඇතුලු පාර්ශව ගණනාවක් අද ශ්‍රී ලංකාව පිළිබඳ අදහස් දක්වනු ඇති.


RECENT ARTICLES - SINHALA

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

සිරිපාල ශ්‍රීලනිපයට වැඩබලන මහලේකම් කෙනෙක් පත්කරලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත්කරගෙන තිබෙනවා. එම පක්ෂයේ අද (25) පැවති දේශපාලන මණ්ඩල රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබෙන...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...