30 C
Colombo
Monday, May 29, 2023

ශ්‍රී ලංකාව ඔක්සිජනුත් චීනයෙන් ඉල්ලයි

- Advertisement -

වැඩිවන ඔක්සිජන් ඉල්ලුම සපුරාලීම සඳහා වහාම දියර ඔක්සිජන් සැපයීම සඳහා සහය ලබා දෙන ලෙස විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා චීනයෙන් ඉල්ලා සිටිනවා.

විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, මහජන චීන සමූහාණ්ඩුවේ මෙරට තානාපතිවරයා වන ශී ෂෙන්හොන්ග් මහතා සමඟ ඊයේ (20) අමාත්‍යාංශයේදී පැවති හමුවකදී යි.

ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව චීන රජයට ස්තූතිවන්ත වන බවත් චීනයේ නොමැකෙන සහයෝගය අගය කරන බවත් ඇමැතිවරයා එහිදී පැවසීය.

තානාපති ෂෙන්හොන්ග් විසින්ද විදේශ නව ඇමතිවරයා සිදුකරමින් පවතින කාර්යභාරය පිළිබඳව අවංකව සිය ස්තූතිය පුද කළ අතර ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා සහය දැක්වීමට චීනය අඛණ්ඩව කැපවන බවත් COVID-19 මැඩලීමට ශ්‍රී ලංකා රජය ගන්නා උත්සාහය අගය කරන බවත් අවධාරණය කළේය.

මෙහිදී කොවිඩ් -19 සහයෝගීතාව, ආර්ථික සංවර්ධනය, දරිද්‍රතාවය තුරන් කිරීම සහ චීනය සහ ශ්‍රී ලංකාව අතර බහුපාර්ශ්වික සහයෝගීතාව යන කරුණු සාකච්ඡා කෙරිණි.

RECENT ARTICLES - SINHALA

ආගමික සංහිඳියාව රකින්න විශේෂ පොලිස් ඒකකයක්

ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳ සොයා බලා ක්‍රියාත්මක වීමට විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම් දීමක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේදී සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකි බව...

මහියංගනය පුදබිම රනිල් පූජා භූමියක් කරලා

ඓතිහාසික මහියංගන පූජාභුමියේ විල්ලු‍වපිටිය වැව මධ්‍යයේ අභිනවයෙන් ඉඳිකළ අඩි 102 පමණ උසින් යුත් ශ්‍රීලංකාවේ විශාලතම බුද්ධ ප්‍රතිමාවහන්සේ විවෘතකිරීම ඊයේ (28) ජනාධිපති රනිල්...

RECENT ARTICLES - ENGLISH

Parliament Caucul raises concerns on media exposure of child victims and accused

0
Chair of the Parliamentary Caucus for Children Rohini Kumari Wijerathna emphasized that many social problems have arisen due to the exposure of...

Special Police unit to protect religious harmony

0
President Ranil Wickremesinghe has directed Minister of Public Security, Tiran Alles, to promptly initiate the formation of a specialized police unit to...

Rajangane Saddharathana Thera arrested

0
Ven. Rajangane Saddharathana Thera who is with a significant presence on social media, has been arrested by Anuradhapura Police.