30.3 C
Colombo
Thursday, April 25, 2024

මිල්කෝ හිටපු සභාපති පොහොර සමාගමේ පත්වීම එපා කියයි

- Advertisement -

ලංකා පොහොර සමාගමේ නව සභාපතිවරයා වශයෙන් පත්කෙරුණු ලසන්ත වික්‍රමසිංහ මහතා එම පත්වීම භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

ඒ මහතා මීට පෙර මිල්කෝ සමාගමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අතර පසුගිය 19 වනදා සිට ඔහුව එම තනතුරෙන් ඉවත් කෙරිණි.

මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා වශයෙන් ඊට පසුදිනම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා පත්විය.

කෙසේවෙතත්, ලසන්ත වික්‍රමසිංහ මහතාව ලංකා පොහොර සමාගමේ සභාපතිවරයා වශයෙන් පසුගිය 21 වනදා පත්කර තිබුණු අතර ඔහු එම ධුරය භාරගැනීම ප්‍රතික්ෂේප කරමින් ඒ බව මුදල් අමාත්‍යාංශයට ද ලිඛිතව දැනුම් දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අවලෝකිතේෂ්වර ලෙස පෙනී සිටි පුද්ගලයාට මානසික රෝගී තත්ත්වයක්

අවලෝකිතේෂ්වර බෝධිසත්වයන් නමින් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නැමැත්තා මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බවට වෛද්‍ය වාර්තාවකින් හෙළි වී තිබෙනවා. ඒ ඔහුට...

ආනයනික කිරිපිටි මිල ගැන දැනුම්දීමක්

ආනයනික කිරිපිටි මිල යළිත් අඩු කිරීම සම්බන්ධයෙන් සංගමයක් ලෙස මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර...

ITC Ratnadipa අද විවෘත කෙරේ

ගාලුමුවදොර අලංකාරය තවත් වැඩි කරන ITC රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය අද (25) විවෘත කෙරෙනවා. ඩොලර් මිලියන 300 ක ඉන්දියානු ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක මෙම...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...