කැප්පෙටිපොළ නගරයේදී වැලිමඩ පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් දෙදෙනකුගේ රාජකාරියට බාධා කිරිමේ සිද්ධිය මත අධිකරණය මඟහැර සිටි වැලිමඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා නිතිඥවරයකු මඟින් වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා.
එහිදී නඩුව අද (20) කැඳවීමෙන් අනතුරුව විනිසුරුවරයා විසින් දෙසැම්බර් 04 වන දින දක්වා මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරිමටයි නියෝග කර තිබෙන බව සඳහන්.
වැලිමඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඇස්.ඒ.ආර්. බන්දුසේන මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.