අමාත්‍ය ධූර ගණනාවක්ම දැරූ සහ පසුගිය රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කල මංගල සමරවීර මහතා වස්ති Production නවතම වීඩියෝවේ ගරු චරිතයක රඟපෑමට එක්ව තිබෙනවා.
‘Light උපාලි’ ලෙස නම්කර ඇති එම වීඩියෝව මීට පෙර නම් කර තිබුණේ ‘ ආලෝකෝ උපාලි’ ලෙසයි.
කෙසේ වෙතත් එම වීඩියෝව නිකුත්කිරීමටත් පෙර එල්ලවූ විරෝධතා කිිහිපයක් හේතුවෙන් එහි නම වෙනස් කිරීමට වස්ති කණ්ඩායම තීරිණය කර තිබෙනවා.
මංගල සමරවීර මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට පෙර නිවේදනය කළේ තමන් මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවී විවේක සුවයෙන් පසුවන බවයි.
මංගල සමරවීර මහතා පෙනී සිටින අදාළ වීඩියෝව පහතින්,