28.6 C
Colombo
Monday, April 21, 2025

කුරුණෑගල හිටපු නගරාධිපතිට වසර 7කට ඡන්දය තහනම්

- Advertisement -

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාට එල්ල වී තිබෙන චෝදනා කීපයක් සැලකිල්ලට ගෙන ඔහුට 2024 වසරේ සිට 2032 වසර දක්වා වසර 7ක කාලයක් කිසිදු මැතිවරණයකදී ඡන්දය භාවිත කිරීම අහෝසි කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

‘දිවයින’ වාර්තා කළේ, කුරුණෑගල ව්‍යාපාරිකයකු වන ප්‍රියංකර ලියනගේ මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලකට අනුව කුරුණෑගල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් හරේන්ද්‍ර බණ්ඩාර රත්නායක මහතා මෙම නියමයන් දැනුම්දී ඇති බවයි.

වයඹ පළාත් හිටපු ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා විසින් පත්කරන ලද ඒකපුද්ගල කොමිසමකින් වැරැදිකරුවකු බවට පත්කර කුරුණෑගල නගරාධිපති තනතුරෙන් නෙරපා හැරීම සහ කුරුණෑගල ඓතිහාසික බුවනෙකබාහු රාජසභා මණ්ඩපය කඩා බිඳ දැමීමේ චෝදනාවට තුෂාර සංජීව විතාරණ මහතා අධිකරණය හමුවේ වැරැදිකරුවකු වී ඇති බවට ප්‍රියංකර ලියනගේ මහතා මැතිවරණ කොමිසමට කරන ලද පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.

එම පැමිණිල්ල සැලකිල්ලට ගනිමින්  නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා විසින් ලබාදී ඇති එම නියමයන්ට අනුව තුෂාර සංජීව විතාරණ මහතා ඡන්ද හිමියකු වශයෙන් ලියාපදිංචි කිරීමට හෝ ලියාපදිංචි කරන ලද ඔහුගේ නම තවදුරටත් ඡන්දහිමි නාම ලේඛනයේ තබා ගැනීමට හෝ නුසුදුසු පුද්ගලයකු වන බව මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ,  1980 අංක 44 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනතේ 2 වැනි වගන්තිය සමඟ කියැවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (ඈ) ව්‍යවස්ථාව අනුවයි.

එසේම 2032 වසර දක්වාම අඛණ්ඩව ඡන්දහිමි නාම ලේඛනයේ මොහුගේ නම සඳහන් කළ නොහැකි බව ද නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කර තිබෙනවා.

මැතිවරණ කොමසාරිස්වරයා විසින් ලබාදී ඇති මෙම නියමයන්ට අනුව තුෂාර සංජීව විතාරණ මහතාගේ සියලු ප්‍රජා අයිතිවාසිකම් වසර 7ක කාලයකට අත්හිටුවා ඇති බව වැඩිදුරටත් සඳහන්.

 කුරුණෑගල ඉපැරැණි රාජසභා මණ්ඩපය කඩා බිඳ දැමීමේ චෝදනාව යටතේ හිටපු නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනකුට කුරුණෑගල මහාධිකරණය මඟින් නියම කරන ලද තුන් අවුරුදු බරපතළ වැඩ සහිත සිර දඬුවම අභියාචනාධිකරණය මඟින් අවුරුද්දකින් ගෙවී යන ලෙස අත්හිටුවීමෙන් අනතුරුව ඔවුන් සිර දඬුවමෙන් මුදාහරිනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

පාස්කු ප්‍රහාරය ගැන මාධ්‍යවේදීන් අහනකොට මෛත්‍රිට හදිසියක්

ජනාධිපති අරමුදලේ මුදල් ලබා දීමේ අක්‍රමිකතාවයක් සිදුවි තිබේනම් එය මුදල් ලබා ගත් මන්ත්‍රිවරයා හෝ ඇමතිවරයා අතින් සිදුවි තිබෙන බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා...

පොලිසියට යන්න ඉන්නවනම් මෙන්න අවස්ථාව

ශ්‍රී ලංකා පොලීසියට මෙම වසරේදී නිලධාරීන් 5,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. ඒ අනුව ඉන් නිලධාරීන් 2,000ක් ඉතාමත්...

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබගේ අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්ය වී තිබෙනවා. ඒ...

POPULAR ARTICLES

ආහාර සුරක්ෂිතතා කමිටුව අදත් රැස්වෙලා

රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා ආහාර සුරක්ෂිතතා කමිටුව 06 වන වරටත් අද (21) රැස් වුණා. ඒ කෘෂිකර්ම, පශු සම්පත්,...

පාස්කු ප්‍රහාරය ගැන මාධ්‍යවේදීන් අහනකොට මෛත්‍රිට හදිසියක්

ජනාධිපති අරමුදලේ මුදල් ලබා දීමේ අක්‍රමිකතාවයක් සිදුවි තිබේනම් එය මුදල් ලබා ගත් මන්ත්‍රිවරයා හෝ ඇමතිවරයා අතින් සිදුවි තිබෙන බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා...

මර්වින් සිල්වාට අධිකරණයෙන් නියෝගයක්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (21) අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ ලබන 05 වනදා දක්වායි. කිරිබත්ගොඩ ඉඩම් නඩු සිද්ධියට...