නීතිවිරෝධී ගජමුතු අලෙවි කිරීමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙක් සහ තවත් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (25) දහවල් එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හිටපු අමාත්‍යවරයෙක් වූ පණ්ඩු බණ්ඩාරනායක සහ තවත් තිදෙනෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් එම වැටලීම සිදුකර ඇති අතර ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර ප්‍රදේශයේදීයි.
සැකකරුවන් සන්තකයේ තිබී ගජමුතු 3ක් සහ මැණිකකට සමාන පාෂාණයක් තිබී සොයාගෙන තිබෙනවා.