ජාතික ජන බල බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසවන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ටුවක් පලකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම දෙපාර්තමේන්තුවේ පරිඝනක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අගුරුවාතොට බටගොඩ පිහිටි ඔහුගේ නිවසේදීයි අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.
හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඉකුත් දා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රිනී කොට්ටහච්චිට අපහාසවන පරිදි පොස්ටුවක් පළකර තිබූ අතර, පසුව එදිනම එම පොස්ටුව ඔහු විසින් ඉවත්කොට තිබුණා.