24 C
Colombo
Sunday, February 16, 2025

දකුණු කොරියාවේ හිටපු ජනපති යූන් සොක් යෝල් අත්අඩංගුවට

- Advertisement -

දෝෂාභියෝගයකින් ධුරයෙන් පහ කළ දකුණු කොරියානු හිටපු ජනපති යූන් සොක් යෝල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බී. බී.සි පුවත් සේවය වාර්තා කළේ, යූන් සොක් යෝල් රැගත් රථ කිහිපයක් ඔහුගේ නිවසින් පිටව ගිය බවයි.

අද(15) උදෑසන යුන් සොක් යෝල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම සඳහා දෙවනවරටත් විමර්ශකයින් ඔහුගේ නිල නිවසට ඇතුළු වි තිබෙනවා.

ඒ සඳහා නිලධාරීන් 3,200කට ආසන්න සංඛ්‍යාවක් ඔහුගේ නිවසට යොමු කර තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එහිදී ඔහුගේ අධාරකරුවන් සහ පොලීසිය අතර ගැටුම් ඇති වූ අතර පුද්ගලයෙකු ද තුවාල ලබා තිබෙනවා.

ඉන් අනතුරුව යූන් සුක් යෝල්ගේ ආරක්ෂක සේවයේ නියෝජ්‍ය ප්‍රධානියා වන කිම් සුං හූන් ද අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණා.

ඒ, යූන් සුක් යෝල් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ චෝදනා මතයි.

පසුගිය 31වැනි දා දෝෂාභියෝගයක් හේතුවෙන් සිය ධුරය අහිමි වූ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට එරට අධිකරණය අනුමැතිය ලබා දුන්නා.

ඔහුට සිය ධුරය අහිමි වුණේ පසුගිය දෙසැම්බර් 3 වැනි දා යුධ නීතිය පැනවීමට ගත් තීරණය සම්බන්ධයෙන් ගෙන ආ දෝෂාභියෝගයකින් පරාජයට පත්වීමෙන්.

ජනපතිගේ රාජකාරී අත්හිටුවීමෙන් අනතුරුව, එරට අග්‍රාමාත්‍යවරයා, වැඩබලන ජනපති ලෙස පත් කෙරුණු නමුත් ඔහුට එරෙහිව ද විපක්ෂය ගෙන ආ දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

ඉන් අනතුරුව වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් කෙරුණේ, එරට මුදල් සහ ආරථික කටයුතු පිළිබඳ අමාත්‍යවරයායි.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES