- 2013 වසරේදී ඇමරිකාවේ වොෂින්ටන් නුවර නව තානාපති කාර්යාල ගොඩනැගිල්ලක් මිලදී ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් ඩොලර් 332,027 ක් ලබා ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හිටපු තානාපතිවරයකු අද වරද පිළිගනු ලැබුවා.
එක්සත් ජනපද නීතීඥ මැතිව් එම්. ග්‍රේව්ස්, වොෂිංටන් DC ක්ෂේත්‍ර කාර්යාලය, ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව, ස්වදේශ ආරක්ෂක විමර්ශන (HSI) භාර විශේෂ නියෝජිත රේමන්ඩ් විලනුවා සහ FBI විශේෂ නියෝජිත වේන් ඒ ජේකොබ් විසින් මෙම ඒකාබද්ධ නිවේදනය සිදු කරන ලදී.
වර්ජිනියා ප්‍රාන්තයේ ආර්ලින්ටන් හි 61 හැවිරිදි ජාලිය චිත්රාන් වික්‍රමසූරිය විසින් 2008 සිට 2014 දක්වා කාලය තුල ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ තානාපතිවරයා ලෙස කටයුතු කර ඇත.
ඔහු කොලොම්බියා දිස්ත්‍රික් අධිකරණයේදී මෙම චෝදනාව සඳහා වරද පිළිගෙන ඇත. මෙම වංචා කිරීමට උත්සහ කිරීමේ චෝදනාව සඳහා ව්‍යවස්ථාපිත උපරිමය වසර පහක සිරදඬුවමක් ලබා දීම සහ දඩ නියම කිරීම ද සිදු කළ හැක.
2012 අග භාගයේ සිට 2013 නොවැම්බර් දක්වා කාලය තුළ වික්‍රමසූරිය විසින් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වොෂින්ටන් නුවර නව තානාපති කාර්යාල ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී දේපළහි මිල ඩොලර් 332,027 කින් ඉහළ දමා වංචා කිරීමට උපාය මාර්ගයක් සකස් කර ඇත
.