30 C
Colombo
Thursday, June 8, 2023

හිටපු දකුණු අප්‍රිකා ජනපතිට මාස 15ක සිරදඬුවමක් !

- Advertisement -

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන ජේකොබ් සූමා හට එරට ඉහළම අධිකරණය විසින් මාස 15 ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.

ඔහු ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී විභාග වූ දූෂණ නඩුවක් සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම දඬුවම නියම කර ඇති බවයි පැවසෙන්නේ.

ඔහුට පොලීසියට බාරවීම සඳහා දින 05 ක කාලයක් ලබා දී ඇති අතර එම කාලසීමාව තුළ ඔහු ඊට අවනත නොවුවහොත් දුටුතැන අල්ලා ගැනීම සඳහා පොලීසියට බලය පවරා තිබෙනවා.

2009 වසරේ සිට 2018 වසර දක්වා සූමා ජනාධිපතිවරයාගේ වසර 09 ක ධුර කාලය සැලකෙන්නේ එරට ඉතිහාසයේ දූෂිතම හා අසාර්ථක පාලන කාලසීමාවලින් එකක් ලෙස වන අතර දූෂණ-වංචා, දේශපාලන බලපෑම්, ව්‍යාපාරිකයන් විසින් මැති-ඇමතිවරුන්ට හා රාජ්‍ය නිළධාරීන්ට සිදුකළ බලපෑම් ඇතුළු චෝදනා ගණනාවක් සූමා ජනාධිපතිවරයාට එල්ල වූ අතර අවසානයේ 2018 වසරේදී ඔහුට බලය අත්හැර යාමට සිදුවිය.

RECENT ARTICLES - SINHALA

පුත්තලමේ කපුටන් රැසක් මියගිහින්

පුත්තලම නගරයේ වාන පාර වැව අසල කපුටන් රැසක් ඊයේ (07) උදෑසන සිට මිය යමින් සිටින බව වාර්තා වනවා. පුත්තලම...

ජාතික ජනබලවේගයේ උද්ඝෝෂණය ඇරඹෙයි

ජාතික ජනබලවේගය රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට දී සංවිධානය කළ උද්ඝෝෂනය මේ වන විට ආරම්භ වී තිබෙනවා. පළාත් පාලන...

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ගැන විවාදය ලබන 21 වනදා

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ලබන 21 වනදා විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා. අද (08) පැවැත්වුණු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

RECENT ARTICLES - ENGLISH

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.

Businessman arrested for abducting mother of three and holding her captive for 6 months

0
A businessman, who is believed to have abducted a 29-year-old mother of three children and held her captive, was apprehended by the...