32 C
Colombo
Saturday, April 20, 2024

හිටපු ක්‍රීඩා අමාත්‍යවරු කොළඹ දී හමුවෙයි – නාමල් විතරක් නෑ

- Advertisement -

අනාගත ක්‍රීඩාවේ අභිවෘද්ධිය හා ජයග්‍රහණය වෙනුවෙන් හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ අත්දැකීම් හා සහයෝගය ලබා ගැනීමේ අරමුණින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ හමුවක් පෙරේදා (13) කොළඹ දී පැවැත්වුණි.

මෙම හමුව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් අනුව සංවිධානය විය.

ක්‍රීඩා අමාත්‍යධූරය දැරු සියළුම දෙනා හට ආරාධනා කළ මෙම හමුවේ දී ක්‍රීඩා අමාත්‍යවරුන් ලෙස ක්‍රීඩාවේ අතීත අත්දැකීම් තුලින් අනාගතයේ ක්‍රීඩාව ශක්තිමත්ව ජයග්‍රහණ කරා නගාසිටුවීමට අවශ්‍ය යෝජනා, අදහස් ලබා ගැනීම එහිදී සිදු වූ බව පැවසේ.

එම සාකච්ඡාවේ දී ක්‍රීඩාව සම්බන්ධයෙන් රටතුල ඇති සියළුම අමාත්‍යාංශ, ආයතන, දෙපාර්තමේන්තු, පළාත් සභා, ක්‍රීඩා සංගම් ඇතුළු අනෙකුත් ආයතන ඒකාබද්ධ කරගනිමින් පොදු වැඩපිළිවෙලක් සකස් කිරීම ඉතා කාලෝචිත ක්‍රියාවක් බව යෝජනා විය. ක්‍රීඩාවේ සිදු විය යුතු වෙනස්කම් රාශියක් පිළිබදව හා ක්‍රීඩා පනතට ඇතුලත් කර ගත යුතු යෝජනා රාශියක් ද ජාතික ක්‍රීඩා ප්‍රතිපත්යක් පිළිබදව යෝජනා ද මෙහි දී ඉදිරිපත් වූ බවයි වාර්තා වන්නේ.

මෙම අවස්තාවට හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, ජීවන් කුමාරනතුංග, ගාමිනී ලෝකුගේ, මහින්දානන්ද අලුත්ගමගේ, නවීන් දිසානායක, දයාසිරි ජයසේකර, ෆයිසර් මුස්තාපා, හරීන් ප්‍රනාන්දු යන පිරිස සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා, එහි ලේකම් සුජානි බෝගොල්ලාගම මහත්මිය හා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ උපදේශක සුදත් චන්ද්‍රසේකර සහභාගී විය.

විශේෂත්වය වන්නේ ගෝඨාභය රාජපක්ෂ රජයේ ක්‍රීඩා අමාත්‍යවරයා වූ නාමල් රාජපක්ෂ මහතා සාකච්ඡාවට සහභාගි නොවීමයි.


RECENT ARTICLES - SINHALA

ලොරි රථයකට යටවී කාන්තාවක් මරුට

නිට්ටඹුව, වතුපිටිවල ප්‍රදේශයේ‍දී යතුරුපැදියක ගමන් කළ කාන්තාවකගේ අත්බෑගයක් ලොරි රථයක බඳේ පැටලීමෙන් සිදුවු අනතුරකින් එම කාන්තාව මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ, අත්බෑගය ලොරි රථයේ බඳෙහි...

විදුලිය හා ඉන්ධන අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

විදුලිය සැපයීමට හෝ ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන බෙදා හැරීමට සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර...

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගැන නිවේදනයක්

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් 70% ක් පමණ නිවෙස්වල ආරක්ෂිතව සේවය කරන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා. ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගෙන්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...