33 C
Colombo
Thursday, April 18, 2024

හිටපු ටෙස්ට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද්ගෙන් යළි විශිෂ්ඨ පන්දු යැවීමක්

- Advertisement -

ශ්‍රී ලංකා හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් Everest ප්‍රිමියර් ලීග් තරගාවලියේදී පන්දුවෙන් දස්කම් පාන්නට පසුගියදා (29) සමත් වුණා.

එහිදි Bhahirawa Gladiators කණ්ඩායම නියෝජනය කළ ප්‍රසාද් Biratnagar Warriors කණ්ඩායමට එරෙහිව ලකුණු 6ක් තුළදී කඩුලු 3ක් දවාගැනීමට සමත්කම් දැක්වුවා.

තරඟාවලියේ 8 වන තරගය ලෙස Kirtipur හිදී පැවැති මෙම තරඟයේදි Biratnagar Warriors කණ්ඩායමට එරෙහි පන්දුවාර 3ක් යොමුකළ ධම්මික ලකුණු 6කදී කඩුලු 3ක් දවාගත්තේ එක් නිලකුණු පන්දුවාරයක්ද සමගින්.

Biratnagar Warriors කණ්ඩායමට පන්දුවාර 17 පන්දු 4ක් තුළදී රැස්කිරීමට ලකුණු 89ක් පමණි. Biratnagar Warriors කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකරු දිල්ෂාන් මුණවීර ලකුණු 25ක් රැස්කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනීම ඇරඹු Bhahirawa Gladiators කණ්ඩායම පන්දුවාර 15.3 කදී කඩුළු 04ක් දැවී ලකුණු 92ක් ලබාගනිමින් තරඟය ජයග්‍රාහණය කළා.

එහිදි උපුල් තරංග පන්දු 35ක් තුළදි නොදැවී ලකුණු 34ක් ලබාගත්තේ හතරේ පහර 4ක්ද සමගින්.

තරගයේ වීරයා බවට පත්වූයේ ධම්මික ප්‍රසාද්.

එවරස්ට් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ධම්මික ප්‍රසාද් නියෝජනනය කරන Bhahirawa Gladiators කණ්ඩායමේ කඩුළු රකින්නා වන්නේද හිටපු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු උපුල් තරංගයි.


RECENT ARTICLES - SINHALA

පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වුවන් සිහි කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්

පාස්තු දින ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් සම්පූර්ණ වන අවස්ථාවේදී එම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට ලබන ඉරිදා (21) පෙරවරු 8.45 ට...

පරිසරයට හානි කරනවානම් මේ අංකයට කියන්න

පාරිසරික වැරදි සම්බන්ධව යම් තොරතුරක් වෙතොත් 1997 හෝ 1981 යන කෙටි දුරකථන අංක ඔස්සේ දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පරිසරය විනාශ කිරීම් සම්බන්ධව...

අවුරුදු ගීතය නිසා සුරාබදු නියාමකගේ වැඩ තහනම්

ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතාගේ අවුරුදු ගීතයක් විකෘති කළ බවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ සුරාබදු නියාමකවරයාගේ වැඩ තහනම් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ (17)...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...