චීන සංවර්ධන බැංකුවේ හිටපු උප සභාපති හී ෂින්ජියැන්ග් හට අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත අධිචෝදනා ගොනු කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
මූල්‍ය බිල්පත් නිකුත් කිරීම සහ නීතිවිරෝධී ලෙස ණය ලබාදීම, විදේශ බැංකු තැන්පතු සඟවා තැබීම යන චෝදනා ද ඔහුට එල්ල වී ඇත.
ඔහුට එරෙහිව බීජිං උසාවියක නඩු පවරා ඇති බව ෂින්හුවා පුවත් ඒජන්සිය වාර්තා කළේය.
ව්‍යවසායකයින්ට සහ පුද්ගලයන්ට ප්රතිලාභ ලබා ගැනීම සඳහා ඔහු තම තනතුරුවලින් ප්‍රයෝජන ගෙන ඇති බවත් ඒ සඳහා විශාල මුදලක් සහ වටිනා භාණ්ඩ ලබා ගෙන ඇති බවත් සදහන් වේ.
ඔහු විදේශ බැංකු තැන්පතු විශාල ප්‍රමාණයක් ද සඟවා ඇති බව අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වේ.