ඉන්දියාවේ මුම්බායි වෙත ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හටගත් ගංවතුර නිසා පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ පාසල් වසා දැමීමටද රජය කටයුතු කර තිබෙනවා.
ඊයේ සවස් කාලය වන විට මුම්බායිහි ඇතැම් ප්‍රදේශ වලට මිලිමීටර් 275 පමණ වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර, එම නිසා ගමනාගමනය අඩාල වී මිලියන සංඛ්‍යාත නගර වැසියන් දිනපතා භාවිත කරන දුම්රියන් ප්‍රමාද වී ඇති බවටයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කිරීමත් සමඟ බලධාරීන් නගරය පුරා රතු නිවේදන නිකුත් කර ඇති අතර, ප්‍රදේශයේ වෙසෙන නිවැසියන්ගෙන් නිවෙස්වල රැඳි සිටින ලෙස ඉල්ලා තිබෙනවා.
එමෙන්ම මේ හේතුවෙන් ඊයේ මුම්බායි ගුවන් තොටුපළට පැමිණිමට නියමිතව තිබූ ගුවන් ගමන් 14ක් විවිධ ගුවන් තොටුපළවල් වෙත හරවා යවා තිබෙන බවටයි වාර්තා වෙන්නේ.
එසේ හරවා යැවූ ගුවන් ගමන් 14න් නවයක්ම ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් වනවා.
ගුවන්තොටුපල බලධාරීන් සඳහන් කර ඇත්තේ, පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එම ගුවන් යානා ගොඩබැස්සවීමට අවසර ලබාදී නොමැති බවයි.